ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    රටේ දියුණුව දකිද්දි විපක්ෂයට එය ඉවසා ගැනීමට නොහැකියි - විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර

    නොවැම්බර් 24, 2023

     

     

    රටේ දියුණුව දකිද්දි විපක්ෂයට එය ඉවසා ගැනීමට නොහැකි වී ඇතැයි විදෙස් රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද(24)පාර්ලිමේන්තුවේදී පැවසීය.

    විදුලිබල හාබලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ජනාධිපතිවරයා අද පාර්ලිමේන්තුවට පැමිණි සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන අවස්ථාවේ විපක්ෂනායකවරයා පාරලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ගරුත්වය විනාශ කිරීමට කටයුතු කළ බවද මන්ත්‍රීවරයා චෝදනා කළේය. විදුලිය සහ ගෑස් නොමැතිව මිනිසුන් පාරේ මැරුණු බවත් එම අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා රජය භාර ගන්නා ලෙස ආරාධනා කරද්දී විපක්ෂය කොන්ද කෙළින් තබාගෙන මෙම අවධානම ගැනීමට විපක්ෂය එදා භිය වූ බව ද අමාත්‍යවරයා කීය.

    නමුත් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ‍ තමාගේ ගෙට ගිනි තබා අළු කරද්දී පවා කොන්ද කෙළින් තබාගෙන,මෙම අභියෝගය භාර ගැනීමට කටයුතු කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මහ මග මරා දමද්දී රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාර ගත් බවද කීය. සෑම දිනකම උදේ 27/2 ප්‍රශ්නය ගෙනත් පාර්ලිමේන්තුවේ කාලය කා දමන බවද අමාත්‍යවරයා කීය.සූර්ය බලශක්තිය සහ පුනර්ජනනීය විදුලි බල ව්‍යාපෘති මෙරටට ගෙන ඒමට යන විට විපක්ෂය ඊට නොදුන් බවද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya