ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

      ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක්-17 වන ව්‍යවස්ථා සංශෝධන නඩු තීන්දුව ගෙන හැර දැක්වීමට කැමතියි

    නොවැම්බර් 24, 2023

    ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක් බවට තමා මීට පෙර කියූ අදහස තවදුරටත් පැහැදිළි කිරීම සඳහා 17 වන ව්‍යවස්ථා සංශෝධන නඩු තීන්දුව ගෙන හැර දැක්වීමට කැමති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (24)පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    පාර්ලිමේන්තුවේ දී තමා මීට කියූ අදහස සුමන්තිරන් මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කර තිබු බව කී ජනාධිපතිවරයා, තමා ඉදිරිපත් කළ අදහසට පැහැදිලි අවබෝධයක් ලබා දීම සඳහා මෙම නඩු තීන්දුව ගෙන හැර දැක්වීමට කැමති බව ජනාධිපතිවරය කීය.

    මුල සිටම යෝජනා කර ඇත්තේ ව්‍යවස්ථා දායක සභාව විධායකයේ කොටසක් හැටියට බව කී ජනාධිපතිවරයා විධායක ජනාධිපතිවරයා කරන පත්කිරීම් සඳහා සහය වීම එහි කාර්යයක් යැයි සඳහන් කළේය.

    ව්‍යවස්ථා දායක සභාව පාර්ලිමේන්තුවේ කොටසක්ද? නැද්ද? කියා පාර්ලිමේන්තු කමිටුවක් දමා සොයා බලමු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

    මෙය විධායකයේ කොටසක් ලෙස අපි යෝජනා කළේ. 2002 දී මේ ගැන සරත් සිල්වා අග්‍ර විනිශ්චකාරවරයා දුන් තීන්දුව තමයි තවමත් ක්‍රියාත්මක වෙන්නේ.නීතිඥ සංගමයේ කිසිදු ප්‍රකාශයට තමා අතසන් කළේ නැතැයිද ජනාධිපතිවරයා කීය.

    ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන එකසත් ජනපද නියෝජිතායතනයේ (USAID)සහ ග්‍රීන් ස්ටැට් ආයතන සමග එක්ව ගෙන යන ග්‍රීන් හයිඩ්‍රිජන් පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය සහ ලංකාවට ගෙනා යුතු බවද ජනාධිපතිවරයා කිය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya