ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාවේ ‍උපාධි ප්‍රදානෝත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

    නොවැම්බර් 24, 2023

     

    කොළඹ ජාතික ආරක්ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව අවසන් කළ ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් හයදෙනෙකු (36) වෙත උපාධි ප්‍රදානය කිරීම, ශ්‍රී ලංකා ජනාධිපති හා සන්නද්ධ හමුදා සේනාධිනායක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අත්තිඩිය ඊගල් ලේක් සයිඩ් උත්සව ශාලාවේදී, 2023 නොවැම්බර් මස 21 වන දින සිදුකෙරුණු අතර, ඒ සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ද සහභාගී විය.

    ඒ අනුව, ශ්‍රී ලංකාවේ ස්ථාපිත ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ දෙවන ජාතික ආරක්‍ෂක පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබූ යුද හමුදා නිලධාරීන් පහළොස් දෙනෙකු (15), නාවික හමුදා නිලධාරීන් අට දෙනෙකු (08), ගුවන් හමුදා නිලධාරීන් හත් දෙනෙකු (07) සහ පොලිස් නිලධාරීන් හය දෙනෙකු (06) ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරීන් තිස් හය දෙනෙකු (36) වෙත උපාධි පිරිනැමීම සහ පාඨමාලාවේදී විශිෂ්ඨ දක්‍ෂතා දැක්වූ නිලධාරීන් හට ඇගයීමේ සම්මාන පිරිනැමීම ගරු ජනාධිපති තුමා වෙතින් සිදු ‍කෙරිණි.

    මෙම අවස්ථාව සඳහා විදේශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානී හා ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යන මහත්වරු යුද හා ගුවන් හමුදාධිපතිවරුන්, පොලිස්පති, ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති, රියර් අද්මිරාල් ධම්මික කුමාර මහතා, ජාතික ආරක්‍ෂක විද්‍යායතනයේ ආඥාපති, එම විද්‍යායතනයේ අධ්‍යයන කාර්ය මණ්ඩලය, රාජ්‍ය නිලධාරීන් සහ ත්‍රිවිධ හමුදාව නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරීන් මෙන්ම පාඨමාලාව හදාරනු ලැබූ නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya