ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නාවික හමුදා උත්තමාචාර මැද රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම නාවික හමුදා සේවයෙන් විශ්‍රාම ලබයි

    නොවැම්බර් 24, 2023

     

     

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ වසර 35 ක සේවා කාලයක් නිම කරමින් රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම මහතා (2023 නොවැම්බර් 23) නාවික හමුදා සේවයෙන් විශ්‍රාම යන ලදී.

    නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා ප්‍රමුඛ නාවික හමුදා කළමණාකරණ මණ්ඩලය විසින් අද දිනට සිය 55 වන උපන්දිනය යෙදී ඇති රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම මහතා වෙත නාවික හමුදා මූලස්ථානයේදී උපන් දින සුබපැතුම් පිරිනැමීමෙන් අනතුරුව, නාවික හමුදා සම්ප්‍රදායානුකූලව විශේෂ සම්මාන මුරයක් මඟින් ඔහු වෙත උත්තමාචාරය පුද ‍කිරීම සිදු කෙරිණි.

    අනතුරුව, සහෘද නිලධාරීන් විසින් සමුදීමෙන් පසු නාවික රථ පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානයෙන් පිටව යන මොහොතේ ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නාවිකයින් මාර්ගය දෙපස රැඳී සිටිමින් රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම වෙත නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සුභාශිංසන පිරිනැමීම සිදුකෙරිණි.

    1988 වසරේ දී 02 වන නාවික පාබල බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු ලෙස නාවික හමුදා සේවයට එක්ව ඇති රියර් අද්මිරාල් ජලාජ් පොන්නම්පෙරුම මහතා , සිය වසර 35 ක සේවා කාලය තුළ විවිධ ආයතනයන්හි අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කර ඇත.

    තවද, ඔහු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරි (නාවික පාබල), විධාන ගොඩබිම් මෙහෙයුම් නිලධාරි (උතුර), විධාන ගොඩබිම් මෙහෙයුම් නිලධාරි (බටහිර), විධාන ගොඩබිම් මෙහෙයුම් නිලධාරි (ගිණිකොන), විධාන මහජන සම්බන්ධතා නිලධාරි (උතුර), නාවික අණභාර නිලධාරි (ත්‍රිකුණාමලය උතුර), නාවික අණභාර නිලධාරි (දූපත්), විධාන ගොඩබිම් මෙහෙයුම් නිලධාරි (දකුණ), විධාන මහජන සම්බන්ධතා නිලධාරි (දකුණ), නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික ගොඩබිම් මෙහෙයුම්, අධ්‍යක්‍ෂ නාවික පාබල සහ ආඥාපති නාවික පාබල ආදී ප්‍රමුඛ නිල තල දරමින් කටයුතු කළ කීර්තිමත් ජ්‍යේෂ්ඨ නිලධාරියෙකි.

    SL Navy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya