ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    සමූපකාර සමිතිවල ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරු සමග සාකච්ඡා කරනවා - වෙළඳ අමාත්‍ය 

    නොවැම්බර් 25, 2023

    සමූපකාර සමිති සහ එම සමිතිවල ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇති බවත් ඉදිරියේදී ආණ්ඩුකාරවරු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන බව වෙළඳ, වාණිජ හා ආහාර. සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා අද (25) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සමූපකාර ව්‍යාපාරයේ වර්තමාන තත්ත්වය සහ එමගින් පුළුල් මහජන සේවාවක් ලබා දීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    සමූපකාර ව්‍යාපාරය ස්වයංපාලනයක් මගින් තම කටයුතු දියුණු කර ගැනීමට සහ එහි සාමාජිකයින්ට වැඩියෙන් ප්‍රතිලාභ ලබා දීම සඳහා ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන ඇතැයි ද වෙළෙඳ
    අමාත්‍යවරයා පැවසීය. මේ වන විට සමූපකාර ව්‍යාපාරය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි ව තිබේ.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    පසුගිය වසර 20,25 තුළ ඉතා ශක්තිමත් ව්‍යාපාරයක් ලෙස සමූපකාර ව්‍යාපාරය පැවතුණා. එම නිසා මෙරට ජනතාවට විශාල සහන සැලසුන බව අපි දන්නවා. නමුත් පසුගිය කාලය තුළ සමූපකාර ව්‍යපාරය විශාල ලෙස කඩා වැටුණා.
    මේ නිසා ජනතාවට සහන ලබා ගැනීමට තිබූ ආයතන නැති වෙනවා. අද වන විට මෙම විෂය සියයට සියයක්ම පළාත් සභා විෂයක් යටතට ගෙන තිබෙනවා.අද වන විට සියයට සියයක්ම පළාත් සභාව යටතේ ක්‍රියාත්මක වෙනවා.එම නිසා මිලදී ගැනීම් වලදී විශාල අකටයුතුකම් සිදුවෙනවා. මෙය පළාත්සභා විෂයක් නිසා ඒ සම්බන්ධව දීර්ගව සාකච්ඡා කළා. සමූපකාර සමිති සහ එම සමිතිවල ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya