ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    පාසල් දැරියන්ට සනීපාරක්ෂක තුවා ලබාදීම - මුදල් වෙන් කිරීමට අවධානය යොමු කරන්න- රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

    නොවැම්බර් 27, 2023

    වයස අවුරුදු 12ත් 18ත් අතර සිටින සියළුම පාසල් දැරියන්නට සනීපාරක්ෂක තුවා ලබා දියයුතු බවත්, ඉදිරියේදී ඒ සඳහා මුදල් වෙන් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද(27) පාර්ලිමේන්තුවේදි පැවසුවාය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය පැවසුවේ, ළමා නිවාසයල අධීක්ෂණය නිරන්තරයෙන් සිදු වන බවයි.

     

    පසුගිය මාසය තුළ මෙරට වයස අවුරුදු 15 ට දරුවෝ 168ක් දූෂණය වී ඇති බවත් එයින් දරුවන් 26ක් ගැබ් ගෙන ඇති බවට මන්ත්‍රීවරයා ඉදිරිපත්කළ දත්ත සත්‍ය බවද ඇය සඳහන් කළාය.

    ලංකාවේ දරුවන් 13 දෙනෙක් අරගෙන මැලේසියාවට ගොස් මැලේසියාවේ සිට එම දරුවන් අලෙවි කරන බවට වාර්තා වී තිබෙනවා. අපි ඒ පිළිබඳව වහාම සොයා බලා කටයුතු කරනන් කියා ළමා රක්ෂක අධිකාරියට උපදෙස් ලබා දී තිබෙනවා.රජය සෑම විටම මේ සඳහා මැදිහත් වෙනවා.

     

    මෙම අවස්ථාවේ නැගී සිටි සවදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අදහස් දක්වමින් පැවසුවේ,

    බලධාරින් අතින් මේ පිළීබඳව යම් අඩුපාඩුවක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවද මැදිහත් විය යුතු බවයි. ඇතැම් පරිවාස වලට දරුවන් භාර දීමට යාමේදීද යම් අපහසුතා වලට මුහුණ දීමට සිදු වන බවත් පාර්ලිමේන්තුව මේ සම්බන්ධයෙන් මැදිහත් විය යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය.

     

    මෙහිදී අදහස් දැක් වූ සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ,

    මෙම සනීපාරක්ෂකතුවා සම්බන්ධයෙන් පාරිසරික ගැටළුවකුත් තිබෙනවා. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමගත් සාකච්ඡා කළා. මෙන්සස් කප් නැමැති ස්වාභාවික අමුද්‍රව්‍යවලින් නිමවන ලද නැවත නැවතත් භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා වර්ගයක් හඳුන්වා දීම සම්බන්ධයෙන්ද සාකච්ඡා වූ බවද හෙතෙම කීය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya