ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මිරිස් වගාවට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් රුපියල් ලක්ෂ 84ක ආදායමක්

    නොවැම්බර් 28, 2023

    මිරිස් වගාවට නව තාක්ෂණය උපයෝගී කර ගනිමින් අක්කර භාගයක සාර්ථක මිරිස් අස්වැන්නක් පවත්වාගෙන යන අනුරාධපුර පුලියන්කුළම බන්දුල ගොවි මහතා පසුගියදා වනවිට රුපියල් ලක්ෂ 84ක ආදායමක් මාස අටක් තුළ උපයාගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය පවසයි.

    මෙම ආදායම මෙතෙක් මිරිස් වගාවෙන් ලද ඉහළම ආදායම ලෙස වාර්තාගත වේ.

    බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පසුගියදා (27) පැවැති එළවළු හා පලතුරු පිළිබඳ ප්‍රදර්ශණය හා සම්මන්ත්‍රණයේ දී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා හමුවී ඒ මහතා මෙම ආදායම පිළිබඳව අමාත්‍යවරයා දැනුවත් කර ඇත.

    කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති කෘෂි අංශ නව්‍යකරණ ව්‍යාපෘතිය Sri Lanka Fruit and Vegetable Forum and Farner’s Market 2023 එක් දින ප්‍රදර්ශනය සංවිධානය කළ අතර එම ව්‍යාපෘතිය මගින් ප්‍රතිලාභ ලබා දෙන ලද ගොවීන්ගේ නිෂ්පාදන අලෙවි කිරීමේ වෙළෙඳපොලක් මෙහිදී පැවැත්විනි.

    මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා නව තාක්ෂණය යොදා ගැනීම මගින් ගොවි ජනතාවට අස්වැන්න මෙන්ම ආදායම ද දෙගුණයකින් ඉහළ දමා ගත හැකි බවත් රටට අවශ්‍ය වන්නේ පිටරටින් මෙරටට ආහාර ද්‍රව්‍ය ආනයනය කරන පුද්ගලයින් නොව මෙරට සිට විදේශ රටවලට අපේ නිෂ්පාදනය අපනයනය කළ හැකි පුරවැසියන් බව ද සඳහන් කළේය.

    ලබන වසර තුළ අපනයන වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීම රජයේ අපේක්ෂාව බවත් ඊට ලබා දිය හැකි සියලු සහයෝගය රජය වශයෙන් ලබා දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya