ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    අප දේශපාලනය කරනවා නම්, කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුයි- මන්ත්‍රී වජිර අබේවර්ධන

    නොවැම්බර් 28, 2023

    රට බංකොළොත්භාවයෙන් මිදුණ පසු රාජ්‍ය යාන්ත්‍රණය තවත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශක්තිමත් කරමින්, ජනාධිපති කාර්යාලය, අගමැති කාර්යාලය යන ආයතන සමග ඒකාබද්ධ වෙමින් සමාජයේ පවතින ගැටලු විසඳීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

    රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මේ බව පැවසීය.

    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ග්‍රාම නිලදාරී කොට්ඨාස 14,022 නියෝජනය කරමින් නිළ සෙවණ කාර්යාල 14,022ක් විවෘත කළ බවත් එම ව්‍යාපෘතිය නැවතත් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද වජිර අබේවර්ධන මහතා පැවසීය.

    ලෝක බැංකුව වැනි ආයතන වලින් ඒ සඳහා සහාය ලබා ගැනීමට බලාපොරොත්තු වන බවත් වජිර අබේවර්ධන මහතා කීය.

    වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ ග්‍රාම නිලධාරී කොට්ඨාස 14,022 නියෝජනය කරමින් නිළ සෙවණ කාර්යාල 14,022ක් විවෘත කළා.පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නිල සෙවණ කාර්යාල 325ම සම්පූර්ණ කළා. නමුත් එම ව්‍යාපෘතිය නතර වුණා.

    ඒ අනුව ඉදිරියේදී මුළු රටම එකම ව්‍යාපෘතියක් යටතේ කටුයුතු කිරීමට කටයුතු කළ යුතු බව හෙතෙම පෙන්වා දුන්නේය. ඉදිරියේදී ග්‍රාම නිලධාරී ව්‍යවස්ථාව වෙනස් කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ වජිර අබේවර්ධන මහතා පැවසුවේ,

    වර්තමානයේ රට ඉතාම අමරු තත්වයක තිබෙන්නේ. ප්‍රාදේශීය ලේකම් කාර්යාල වල විදුලි සෝපාන , වායු සමීකරණ යන්ත්‍ර අලුත් වැඩියා කරලා නැහැ. විශාල කඩාවැටීමක් තිබෙනවා.
    ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඉතාම අමාරු අඩියක තිබෙන්නේ. අද උදෑසන විපක්ෂ නායකවරයා වර්තමාන ජනාධිපතිවරයාගේ ඡන්ද ප්‍රථිඵලය ගැන කිව්වා.ශ්‍රී ලංකාවේ ප්‍රථම අගමැති වුණේ ඩී.එස් සේනානායක මහත්තයා. එතුමා අගමැති වුණේ ඡන්දයකින් ජයග්‍රහණය කරල නෙමේ. පරාජයට පත් වුණහම එකමුතු කමින් තමයි එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර තිබෙන්නේ. ඉතිහාසය පුරාම එහෙමයි. පැරදුණහම තමයි අත්දැකීම්ක් ලබා ගන්න පුළුවන්. ලලිත්,ගාමිණී ,ප්‍රේමදාස ආණ්ඩුව සමයේ එම තුන් දෙනාම ජීවිතවලින් වන්දි ගෙවා අවසන් වන බව ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා තමා සමඟ ඒ කාලේ පවසා තිබුනේ යැයිද හෙතෙම පැවසීය.

    අප දේශපාලනය කරනවා නම් කුලල් කාගන්නේ නැතිව ඉදිරියට යා යුතුව තිබෙන බව කී ඒ මහතා ලලිත් ඇතුලත්මුදලි මැරූ විට ඒ කාලේ ප්‍රේමදාස මහතාට ඇඟිල්ල දිගු කළ බවත් ප්‍රේමදාස මහතා මෙන්ම ගාමිණී දිසානායක මැරුණාම ඇඟිල්ල දිගු කරන්න කවුරුවත් හිටියේ නැතැයි කීය.

    කුලල් කා ගත් සියලු දෙනා නැති වූ බව පෙන්වා දුන් වජිර අබේවර්ධන මහතා සභාවේ ඉන්න අපි කුලල් කා ගත්තොත් වාසිය ලැබෙන්නේ අපට නොව මුහුදෙන් පිට ඉන්න වෙනත් කණ්ඩායම් වලට යැයි පැවසීය.

    " අපි ගැටුනොත් ඒවට වෙන සතුරන් ඇතුළු වෙිවී.වෙනත් විදේශ සංවිධාන ඒවායේ ජයග්‍රහණය ලබාවි" යනුවෙන්ද වජිර අබේවර්ධන මහතා කීය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya