ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නව අධ්‍යාපන ප්‍රතිපත්තියට විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින ඇතුළත් කරනවා

    නොවැම්බර් 28, 2023

    නව අධ්‍යාපන ප්‍රතිපත්තියට විභාග පැවැත්වෙන සහ ප්‍රතිඵල නිකුත් කරන දින අනිවාර්යයෙන් ඇතුළත් කරන අතර අධ්‍යාපනයට සම්බන්ධ සියලු කරුණුවලට අවශ්‍ය විසඳුම් ඇතුළත් කර ඇතැයිද කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු යොමුකළ පැනයකට ප්‍රතිචාර දක්වමිනි.

    තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි වකවානුවේදී රට සාමාන්‍ය තත්ත්වයේ පැවති බැවින් ශිෂ්‍යත්වය, සාමාන්‍ය පෙළ, උසස් පෙළ ආදී ප්‍රධාන විභාග 03හි ප්‍රතිඵල ඉතාම කඩිනමින් නිකුත් කළ බවද කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සමස්ත අධ්‍යාපන ජාලය ම අවුල් ජාලයකට ඇදවැටුණු බවද පැවසුවේය.

    ඉන්පසු විවිධ පාර්ශව විසින් විභාග පැවැත්වීම පිළිබඳ විවිධ මත දරමින් විවිධ ප්‍රචාරණයන්, උද්ඝෝෂණ සිදුකර උසාවි නියෝග ලබාගැනීම් ආදී විවිධ හේතු සාධක මත මෙම තත්ත්වය ඇතිවී ඇතැයිද පැහැදිලි කළේය.

    හැකි ඉක්මණින් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් තමා සහ විභාග දෙපාර්තමේන්තුව මහන්සිවී කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා නිරන්තරයෙන් පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශයට පත්කළ බවද ජනමාධ්‍ය අමාත්‍යවරයා සිහිපත් කළේය.

    නමුත් ඔවුන්ට පාලනය කළ නොහැකි සාධක හේතුවෙන් පමාවීම සිදුවී ඇතැයිද, ජනාධිපතිතුමා ඇතුළු විශේෂඥවරු 25 දෙනෙකුගෙන් යුතු කැබිනට් අනුකාරක සභාවකගේ අදහස් උදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් නව ජාතික ප්‍රතිපත්තියක් අධ්‍යාපනයට ක්‍රියාත්මක වන බවද පැවසුවේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya