ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබා දීමට නියමිතයි- ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 28, 2023

    එළඹෙන දෙසැම්බර් 02 දින ග්‍රාම නිලධාරින් බඳවා ගැනීම සඳහා තරග විභාගය පවත්වන බවත්, නව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබා දීමට නියමිත බව , ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා අද (28) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ග්‍රාම නිලධාරින් බඳවා නොගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි විජිත හේරත් මහතා සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    කමිටු වාර්තාව ලැබුණු වහාම ග්‍රාම නිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. රාජ්‍ය පරිපාලන ,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා මේ බව පැවසීය.

    ග්‍රාම නිලධාරී තරග විභාගය එළඹෙන දෙසැම්බර් 02 දින පැවැත්වීමට සැළසුම් කර තිබෙනවා. නව ග්‍රාම නිලධාරී පත්වීම් 2038ක් ලබා දීමට නියමිතයි. කලබල කරලා මෙම පත්වීම් ලබා දෙන එක නතර කරන්න හදන්න එපා.මෙය රටට අවශ්‍යයි. ග්‍රාමනිලධාරින්ගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන්ද කමිටු වාර්තාවක් කැඳවා ඇතැයි හෙතෙම පැවසීය.

    පසුගියදා පැවැත් වූ දිසාපති සමුළුවේදී මේ සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටි බවද හෙතෙම පැවසීය. එම කමිටු වාර්තාව ලැබුණු වහාම ග්‍රාම නිලධාරින්ගේ වැටුප් සම්බන්ධයෙන් සොයා බැලීමට කටයුතු කරන බවද පැවසිය.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya