ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    “සාධාරණ වෙළඳාම සංකල්පය” ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ ක්‍රියාකාරී සැළැස්මක්

    නොවැම්බර් 28, 2023

    ශ්‍රී ලංකාවේ  “සාධාරණ වෙළඳාම සංකල්පය” ප්‍රවර්ධනය කිරීම සඳහා ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් සමඟ එක්ව ක්‍රියාකාරී සැළැස්මක් සැකසීමට ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය
    යෝජනා කර ඇති බව ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

    අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

    ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලය යනු ප්‍රමිතීන් සහතික කිරීම, නිෂ්පාදන සය වැඩසටහන් සහ උපදේශනය  මගින් ප්‍රතිලාභ සමානව බෙදා හරින ගෝලීය ජාලයකි.

    එහි දී ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයේ හවුල්කරුවන් වශයෙන් කටයුතු කරනු ලැබේ. යුරෝපා සංගමයේ “සධර්ණා වෙළඳාම” සහ “ වෙළඳ යුක්තිය” ට සහාය දක්වන ප්‍රතිපත්තීන් සඳහා උපදේශනය ලබා දීම සහ යුරෝපා සංගමයේ ආයතන සමඟ අන්තර් ක්‍රියා කිරීමට හා අඛණ්ඩ සංවාදයන් පවත්වාගෙන යාම සඳහා එම ආයතනයට හැකිව පැවති.

    ඒ අනුව, හා ජාත්‍යන්තර සාධාරණ වෙළඳ ජාලයන් සහශ්රි ලංකාව අතර සහයෝගිතාවය ඉහළ නැංවීම අරමුණින් සහයෝගිතා රාමුවකට අත්සන් කිරීමට පියවර ගැනීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවූ බව අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේය.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya