ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරය රාජකාරි අරඹයි

    නොවැම්බර් 29, 2023

    ප්‍රථම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධූරයට පත් ආචාර්ය ධම්මික අබේගුණවර්ධන මහතා සිය ධූරයේ වැඩභාර ගැනීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගේ සහභාගීත්වයෙන් මහරගම,නාවින්න ආයුර්වේද දෙපාර්තමේන්තුවේ දී පසුගියදා (27) සිදු විය.

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා විසින් 1961 අංක 31 දරන නව සංශෝධන සහිතව ඉදිරිපත් කරන ලද ආයුර්වේද පනත් ‌කෙටුම්පත පාර්ලිමේන්තුවේ දී ඒකමතිකව සම්මතව බලාත්මක වීමත් සමඟ වඩා පුළුල් බලතල සහිත මෙම ආයුර්වේද කොමසාරිස් ජනරාල් ධුරය නිර්මාණය වී ඇත.

     

    රටට ජනතාවට නවීන ලෝකයට උචිත දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගමනය සඳහා දායක වන නව සංශෝධන රැසක් සහිතව බලාත්මක වූ පනත තුළින් ජනතාව වෙත පුළුල් සේවාවක් ලබා දීමටත්, ආයුර්වේද ක්ෂේත්‍රය රටේ ආර්ථිකය ශක්තිමත් කරලන ව්‍යාපාරයක් බවට පත්කිරීමටත් මෙම පනත මගින් හැකියාව ලැබෙන බව එම අවස්ථාවේ දී අදහස් දැක් වූ රාජ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.

     

    එම අවස්ථාවට නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස් කේ.වී.අතුල,දේශීය වෛද්‍ය ක්‍රම පිළිබඳ ජාතික ආයතනයේ අධ්‍යක්ෂ විමර්ශන චතුරංග, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධීකාරී වෛද්‍ය අජිත් කුමාර, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ කලමනාකරණ අධ්‍යක්ෂක නීතිඥ ගයා කාංචන යන මහත්වරුන් ඇතුළු වෛද්‍යවරු සහ රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya