ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    බඩ ඉරිඟු වගාවට සේනා දළඹු හානියේ බලපෑම පාලනයට පියවර ගන්න - කෘෂි ඇමති උපදෙස්

    නොවැම්බර් 29, 2023

    මෙවර මහ කන්නයේ බඩඉරිඟු වගාවට සේනා දළඹු හානියේ බලපෑමට ලක්වෙමින් පවතින බැවින් මෙම හානි පාලනය කිරිම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් ගොවි ජනතාව දැනුම්වත් කිරිමට පියවර ගන්නා ‍ලෙස කාෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

    වගාවේ මුල් අවදියේ මෙම හානියට පාත්‍රවන වගා විනාශ වී යා හැකි බැවින් බීජ සිට වූ දින සිට වගා සුපරීක්ෂාව ඉතා වැදගත් වේ. වගාවට දින 2-7 වනවිට පත්‍ර මත සුදු පැහැති විනිවිද පෙනෙන පටලයක් වැනි ලප ලෙස බිත්තර කැදලි දැකිය හැකි අතර මෙම අවස්ථාවේ ඒවා අතින් ඉවත් කිරීම මගින් වගාවට සිදුවන හානිය වළක්වා ගත හැකියි.

    බිත්තරවලින් පිටවන දළඹුවන් ගොබය තුළට ඇතුලු වී පත්‍ර ගොබයට සහ පත්‍රවලට හානි සිදු කරනු ලබයි. මෙහිදී කොහොඹ බීජ නිස්සාරකය ගොබය තුළට ඉසීම මගින් හානිය පාලනය කළ හැකිය.වගාව පරීක්ෂා කිරීමේ දී පඳුරු 100කට 13-20 පමණ හානි වී තිබේනම් මර්දන ක්‍රම භාවිතය කළ යුතුය.


    මීට අමතරව වගාවේ මුල් අවස්ථාවේ පෙරමෝන උගුල් භාවිතය, බිත්තර පරපෝෂිතයින් යෙදීම, වෛරස් යෙදීම වැනි ජෛව පාලන ක්‍රම භාවිතා කිරීම පරිසර හිතකාමීය. මේ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ දුරකතන අංක 081- 2388011 අමතා තොරතුරු ලබා ගත හැකිය.


    කෙසේ වෙතත් මෙම පලිබෝධ හානි පාලනය කිරීම සදහා ළඟම පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත ගොස් කෘෂිකර්ම උපදේශක වෙතින් උපදෙස් ලබා ගන්නා ලෙස කෘෂිකර්ම අංශ ගොවිජනතාවගෙන් ඉල්ලීමක් කරයි.


    මෙවර මහ කන්නයේ දී දිස්ත්‍රික්ක ගණනාවක බඩඉරිඟු වගාව පුළුල් මට්ටමින් සිදු කර තිබේ. එමෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති SAPP හෙවත් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව ව්‍යාපෘතිය යටතේ අම්පාර, අනුරාධපුර, බදුල්ල, මොණරාගල හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල අක්කර 40,000ක බඩඉරිඟු වගාව ක්‍රියාත්මක කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya