ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මත්තල ගුවන්තොටුපළ වැනි වාණිජ ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමේ ක්‍රම තිබෙනවා

    නොවැම්බර් 29, 2023

    මත්තල ගුවන්තොටුපළ වැනි වාණිජ ව්‍යාපෘතිවලින් ලාභ ලැබීමේ ක්‍රම තිබෙන බව , වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද(29) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මේ වන විටත් මත්තල ගුවන් තොටුපළේ ගුවන් යනා එකලස් කිරීම, ගුවන් යානා අලුත් වැඩියා කිරීම වැනි කාර්යයන් සඳහා පෞද්ගලික අංශ වලින් අභිලාෂ කැඳවා තිබෙන බවයි. මේ වන විට එ් සඳහා පෞද්ගලික අංශ වලින් අභිලාෂ හයක් ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය.ඉදිරි සති දෙක තුන තුළදී මේ පිළිබඳව ස්ථිර තීන්දුවක් ලබා ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

    එසේ වුවහොත් වසර 3,4කදී මෙම වියදම් කළ මුදලට සමාන ආදායමක් නැවත උපයා ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.දකුණු පළාතේ දියුණුව සහ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය සඳහා මත්තල ගුවන් තොටුපළ බොහෝ ප්‍රයෝජනවත් බවයි. මත්තල ගුවන් තොටුපළ නිසා සිදු වූ අලාභය රුපියල් බිලියන 2ක් පමණ වේ. මේ වන විට එම පාඩුව රුපියල් බිලියන 1.2 දක්වා අඩු කර ගැනීමට හැකියාව ලැබී ඇතැයිද අමාත්‍යවරයා කීය.

    මෙරට ගුවන් යානා ක්ෂේත්‍රයට මත්තල ගුවන් තොටුපළ නිසා යම් රුකුලක් ලැබී ඇතැයි හෙතෙම පැවසීය.කටුනායක තිබෙන අයහපත් කාළගුණ තත්වයන් හේතුවෙන් ඇතැම් අවස්ථාවල ගුවන් යානා මදුරාසි ගුවන්තොටුපළට හරවා යැවීමට සිදු ව ඇති බවත්, එහෙත් මත්තළ ගුවන් තොටුපළ නිසා විනාඩි 20ක් වැනි කාලයක් තුළ ගුවන් යානා මත්තල ගුවන් තොටුපළට යොමු කළ හැකියි.
    රුසියානු ගුවන් යානා වල සංචාරකයින් දකුණු පළාතට ගෙන යන්නේ මත්තල ගුවන් තොටුපලින් . අලාභයක් වෙන එක ඇත්ත. ලෝකයේ සැම ගුවන් තොටුපළකින්ම ලාබ ලබන්න බැහැ''
    යනුවෙන් අමාත්‍යවරයා කීය

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya