ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළ නිකුත් කරනවා - අධ්‍යාපන ඇමති පාර්ලිමේන්තුවේ දී කියයි

    නොවැම්බර් 29, 2023

    2022 අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින දෙක තුළදී නිකුත් කරන බ‍ව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද (29) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    සාමාන්‍ය පෙළ ප්‍රතිඵල සකස් කිරීමේ කටයුතු අවසන් අදියරේ ඇති බව ද අමාත්‍යවරයා කීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී බී.වයි .ජි රත්නසේකර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා මේ බව පැවසීය.

    ඉදිරියේදී නිශ්චිත දිනයකදී විභාග පැවැත් වීමට සහ නිශ්චිත දිනකදී ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යවරයා කීය. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ , මෙම ඇගයිම් ක්‍රියාවලියේ යම් යම් වෙනස්කම් සිද කිරීමට සහ එය කඩිනම් කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.

    අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023 විභාගය ලබන වසරේ මැයි හෝ ජූනි මාසයේදී පැවැත්වෙන බව ද ඇමැතිවරයා කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, විභාග ප්‍රතිඵල ප්‍රමාද වෙමින් ආවේ විවිධ ගැටලු නිසා. බොහෝ විෂයන් සඳහා ප්‍රායෝගික පරීක්ෂණ තිියන්නත් ඕන. ඇතැම් මධ්‍යස්ථාන වල ප්‍රශ්න පත්‍ර කට්ටලය කඩල නිකන් බලන් හිටියා ගෙවීම් වවුචරය එනකල්. ඒ වෘත්තීය ගැටලු නිසා. නමුත් 5 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අපි නියමිත දිනට දුන්නා. සාමාන්‍ය පෙළ විභාගයට ලක්ෂ 06කට ආසන්න සංඛ්‍යාවක් පෙනී ඉදල තිබෙනවා.එහි විෂයන් සංඛ්‍යාව වැඩියි. අපි එම ප්‍රතිඵල ලබා දීම කඩිනම් කරන්න කියා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya