ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන ජනවාරි 01 දා සිට රිය අනතුරු අවම කර ගැනීම සඳහා,වැඩසටහන් රැසක්

    නොවැම්බර් 30, 2023

    එළඹෙන ජනවාරි 01 දා සිට රිය අනතුරු අවම කර ගැනීම සඳහා, වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට මෝටර් රථ දෙපාර්තමේන්තුව කටයුතු කරන බව , ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා (29) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රවාහන සහ මහාමාර්ග අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ අද පැවති විවාදයට එක්වෙමිණි.

     

    එළඹෙන ජනවාරි 01 දා සිට මත්ද්‍රව්‍ය භාවිතා කරමින් රථවාහන ධාවනය කරන රියදුරන් පරීක්ෂා කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ඇතැම් රියදුරන් හොරොයින් සහ ගංජා වැනි මත් ද්‍රව්‍ය භාවිතා කරමින් රිය ධාවනයේ යෙදෙන බවත් , මාර්ග ආරක්ෂාව පිළිබඳ සභාව ලබා දුන් මත්ද්‍රව්‍යය හඳුනාගැනිමේ විශේෂ උපකරණ කට්ටල් භාවිතා කරමින් මෙම වැටලිම් සිදු කරන බවද කීය.

    මේ වන තුරු පොලීසිය පරීක්ෂා කළේ මත් පැන් පානය කළ රියදුරන් පමණයි. නමුත් පසුගිය මාසයේබස්නාහිර පළාතේ මෙම පරීක්ෂාව සිදු කළා. මෙහිදී යතුරු පැදි 37ක්, ත්‍රිවීල් 23, බස්රථ 23ක රියදුරන් අයිස් සහ හෙරොයින් භාවිතා කරමින් බස් රථ ධාවනය කර තිබුණා.

     

    ඉදිරියේදි විශේෂ කමිටුවක් මගින් දිවයිනේ සියළුම මාර්ග වල වේග සීමා සංශෝධන‍යක් සිදු කරන බවද ‍ෙහතෙම පැවසීය. මේ වන විට තිබෙන වේග සීමා ප්‍රා‍ෙයා්ගික නොමැති බවත් ඒ අනුව මුළු රට පුරාම ‍ ‍මෙම වේග සීමා ලකුණු කිරීම සිදු වන බවද කීය. එළඹෙන ජනවාරි 01 සිට ශ්‍රවණාබාධ සහිත පුද්ගලයින්ට රියදුරු බලපත් ලබා දීමේ කටයුතුද ආරම්භ කරන බවද අමාත්‍යවරයා පැවසීය. මෙහි නියමු ව්‍යාපෘතියක් ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සිදු කර තිබේ

     

    ඉදිරියේදි වාහන ආනයන ක්‍රියාවලිය ඔන්ලයින් ක්‍රමවේදයට පමණක් සිදු කරන බව රාජ්‍ය අමාත්‍යරයා පැවසීය. අපේ රටේ ලියාපදිංචි වාහන ලක්ෂ 85ක් විතර තිබෙන්‍ර වා. රියදුරු බලපත් ලක්ෂ 80ක් විතර ලබා දී තිබෙනවා.වාහන නිස ජනතාවට සිදු වන සේවය, ජනතාවට සිදුවන අපහසුතා මෙන්ම පරිසරයට සිදු වන හානිය පරිපාලනය සහ නියාමනය කිරීමේ වගකීම මොටර් රථ නියාමන කොමිසමට පැවසෙනවා.

     

    වාහන දුම් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය නිසා පරිසර හානිය අවම කිරීමට හැකි වී ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය. ලබන වසරේ ඊ මෝටරින් ව්‍යාපෘතිය ලබන වසරේ සිට ක්‍රියාත්මක වෙනවා.
    වාහන වල ගුණාත්මක භාවය, වාහන මෙරටට ගේනන්වීමේදී රටට අහිමි වන බදු මුදල්ආයතන 18ක් සම්බන්ධ වී ඔන්ලයින් ක්‍රමයට පමණක් ඉදිරියේදී වාහන ආනයන කිරීමේ ක්‍රියාවලිය සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya