ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ණය ප්‍රතිව්‍යුහගතකිරීමේ එකගතාවය ලැබුණා - 2024 වන විට ආර්ථික වර්ධනයක් කරා ගමන් කළ හැකියි

    නොවැම්බර් 30, 2023

    මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ණය හිමියන්ගේ රටවල එකගතාවය ඊයේ ලැබුණු බවත්,එළඹෙන දෙසැම්බර් වන විට IMF දෙවන වාරිකය ලබා ගෙන මේ රට බංකොළොත් භාවයෙන් නිදහස් කර ගැනීමට හැකි වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා අද (30) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව , මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකගතාවය පළ කිරීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණය මගින්, මෙරට ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට සහ, ලබන වර්ෂය වන විට ආර්ථික වර්ධනයක් කරා ළගා වීමට හැකි වනු ඇතැයිද රාජ්‍ය අමාත්‍යවරයා කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, විදේශ මූල්‍ය සහයෝගය ඇතිව ක්‍රියාත්මක වන ව්‍යාපෘති සියල්ල නැවැත ආරම්භ කිරීමට අවශ්‍ය මූල්‍ය සහයෝගය මේ නිසා ලැබෙනු ඇති බවයි.

    ඇතැමුන් මෙම දෙවන වාරිකය ලැබීම සම්බන්ධයෙන් විශාල සැකයක් ජනතාව තුළ ඇති කළා.ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට ණය හිමි රටවල් සහයෝගය ලබා දෙන්නේ නැති බවට ජනතාව තුළ සැකයක් මතු කළා.ණය ප්‍රතිව්‍යුහගත කිරීම මෙම අවස්ථාවේ සිදු නොවුණා නම් අපි බලාපොරොත්තු වූ ආර්ථික වර්ධනය කරා ගමන් කරන්න බැරිව යනවා. එම නිසා මෙය ඉතිහාසයේ සන්ධිස්ථානයක්.දෙසැම්බර් මාසය වන විට මම එකගතාවය ලැබෙයි. මෙතෙක් සිදු කළ ප්‍රතිසංස්කරණ කිසිවක් ආපසු හරවන්නේ නැතිව ශක්තිමත් ආර්ථිකයක් කරා ගමන් කිරීමේ ඉදිරි ගමන ආරම්භ කිරීමට හැකි වුණා.

    නිල ණයහිමි කමිටුව විසින් එකඟතාවය ලබාදීම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩසටහනේ පළමු සමාලෝචනය අවසන් වීමෙන් පසු දෙවන වාර්කය නිදහස් කිරීමට අදාළ විධායක මණ්ඩලයේ අනුමැතිය දෙසැම්බර් මස තුළ ලබා ගැනීමට හැකියාව ඇති කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි. එමගින් ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව වැනි අනෙකුත් හවුල්කරුවන්ට තවදුරටත් මූල්‍ය පහසුකම් සැපයීමට හැකියාව ලැබෙනු ඇත.

    මෙම පියවර ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ජාත්‍යන්තර ප්‍රජාවගේ අඛණ්ඩ සහයෝගීතාවය පෙන්නුම් කරන වැදගත් සන්ධිස්ථානයක් වන අතර තවදුරටත් ශ්‍රි ලංකාව සාර්ව ආර්ථික ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කර තිරසාර ආර්ථික වර්ධනය ළගාකර ගැනීමට අවශ්‍ය පුළුල් ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැපවී සිටින බවයි සේමසිංහ මහතා සඳහන් කළේ. ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියේදී සියළුම ණය හිමියන්ට සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කිරීමට රජය පොරොන්දු වූ බවද කීය.

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගත් නායකත්වය නිසා එම විශ්වාසය තහවුරු කිරීමට ශ්‍රී ලංකාව ට හැකි වූ බවද සේමසිංහ මහතා කීය

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya