ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    ඇමරිකානු තානාපතිනිය ධීවර අමාත්‍යවරයා හමුවෙයි

    නොවැම්බර් 30, 2023

    ශ්‍රී ලංකාවේ සිටින ඇමරිකානු තානාපතිනී ජුලී චංග් මහත්මිය ඊයේ (29) ධීවර අමාත්‍යංශ කාර්යාලයේ දි ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා හමුවිය.

    මෙම හමුවේදි ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය සංවර්ධනය කිරීම උදෙසා ඇමරිකානු රජයේ සහයෝගය ලබාගැනීම පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

    ශ්‍රී ලංකාවේ මුහුදු කූඩැල්ලන් ඇතුලු ජලජීවි වගාව සංවර්ධනය කිරීම හා ධීවර ජනතාවට අවශ්‍ය පහසුකම් සළසා දීම උදෙසා ඇමරිකානු රජයේ සහයෝගය ඉතා අත්‍යවශ්‍ය බව මෙහිදි ධීවර අමාත්‍යවරයා විසින් තානාපතිවරියට දැනුම් දුන්නේය.

    ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය ජාත්‍යන්තර මට්ටමින් සංවර්ධනය කිරීම උදෙසා විශේෂයෙන් ධීවර කර්මාන්තය දියුණු රටවල සහයෝගය අත්‍යවශ්‍ය බව පෙන්වාදුන් අමාත්‍යවරයා දැනට මේ සදහා පවතින නීති රීති වල අඩුපාඩුකම් සකස් කරමින් ලෝක ආහාර සංවිධානයේ ආධාර ඇතිව නව ධිවර පනතක් සකස්කරගෙන යන බවද එය ඉතා ඉක්මණින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගැනීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවද පැවසුවේය.

    ශ්‍රී ලංකාවේ පවතින වර්තමාන දේශපාලන තත්වය පිළිබදව මෙහිදි සාකච්ඡා කළ අතර ජනවාර්ගික ප්‍රශ්නයට පවතින සුදුසුම විසදුම පළාත් සභා ක්‍රමය බව තමන් දිගින් දිගටම ප්‍රකාශ කරන බවද, ඉදිරි වර්ෂයේ තිබෙන ජනාධිපතිවරණය හා මහ මැතිවරණයෙන් අනතුරුව පළාත් සභා මැතිවරණය හා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම රජයේ ඉලක්කය වන බවද එම මැතිවරණය පැවැත්වීමේන් පසු පළාත් සභා ඉතා ශක්තිමත්ව රටේ සංවර්ධනයට සම්බන්ධ වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බවද ප්‍රකාශ කළේය.

    මෙවර අයවැය තුළින් ජනතාවගේ යහපත හා රටේ සංවර්ධනය උදෙසා විශාල යෝජනා රැසක් ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති බවත්, විපක්ෂය විවිධ මත ඉදිරිපත් කරන නමුත් මෙය සංවර්ධනාත්මක අයවැයක් බව අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කළේය. අමාත්‍යවරයා ඉදිරිපත් කළ අදහස් වලට සවන්දුන් ඇමරිකානු තානාපතිනිය, ශ්‍රී ලංකාවේ ධීවර ක්ෂේත්‍රයේ දියුණු කිරීමට ඇමරිකාවට ආර්ථික වශයෙන් සහ තාක්ෂණික වශයෙන් දියහැකි සියලු උපකාරද ලබාදීම ගැන සොයා බලන බවත් ප්‍රකාශ ක‍ළේය.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය ඇතුලු නිලධාරීන් රැසක් සහභාගි විය.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya