ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමෙන්, සෞඛ්‍ය සේවයේ වැය බර අඩු කරනවා- දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 30, 2023

    දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමෙන්, සෞඛ්‍ය සේවයේ වැය බර අඩු කිරීමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්‌වෙමිණි.

    පාරම්පරික වෛද්‍යවරුන්ගේ සුරක්ෂිතභාවය සහ දේශීය වෛද්‍ය ක්‍රම වල සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රථම වතාවට වෙනම කාර්යංශයක් පිහිටුවීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. ආයුර්වේද සංස්ථාව නවීකරණය කරමින් උණ, කැස්ස , හෙම්බිරිස්සාව සඳහා නව කල්ක සහ ගුලි වෙනුවට නව කැප්සියුල් හඳුන්වා දීමට කටයුතු කරන බවද රාජ්‍ය
    අමාත්‍යවරයා පැවසීය

    දේශීය ආයුර්වේද ක්‍රම මත සිදු කරන , වෙල්නස් සේනටර් නම් නව ආයුර්වේද මධ්‍යස්ථාන ඉදිරියේ දී ආරම්භ කිරීමට කටයුතු කරන බවද රාජ්‍ය අමාත්‍යවරය පැවසීය. මෙය නිවැරදි ආයුර්වේද ක්‍රම මත සකස් කළ සම්බාහන මධ්‍යස්ථානයක් බව හෙතෙම පැවසීය. ඒ සඳහා NVQ තුන මට්ටමේ පුහුණුව ලබා දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය සංචාරක ව්‍යාපාරයේ නිරත අයට මෙහි ආයෝජනය කිරීම සඳහා අවස්ථාව ලබා දෙයි.

    ලෝකය පුරාම ස්වභාව ධර්මය සහ ශාක සාර අඩංගු ප්‍රතිකාර සඳහා ගමන් කිරීමේ ප්‍රවණතාවයක් ඇතැයිද හෙතෙම පෙන්වා දුන්නේය.ශාරීරික ව්‍යායාම, යෝග ව්‍යායාම කෙරෙහි යොමු වෙමින් ඒ් පිළිබඳ ගැඹුරු සාකච්ඡාවකට යොමු වෙමින් තිබෙනවා. දේශීය වෛද්‍ය ක්‍රම කරා යොමු වීම නිසා කාලයක් තිස්සේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මුහුණ දී ඇති ගැටලු විසඳීමට හැකියාව ලැබෙන බවද හෙතෙම පැවසීය.

    දේශීය වෛද්‍ය ක්‍රම ශක්තිමත් කිරීමෙන් අපේ රටේ ඇති වී තිබෙන අධි රුධිර පීඩනය, දියවැඩියාව,වකු ගඩු රෝග සඳහා විසඳුම් ලැබෙන බවද හෙතෙම පෙන්වා දුන්නේය. දේශීය වෛද්‍ය ක්ෂේත්‍රය නගා සිටුවීම සඳහා වැඩ කටයුතු රැසක් සිදු කළ බවද පැවසීය.

    ඉතිහාසයේ ප්‍රථම වතාවට අපි දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තිය සකස් කළා. සාම්ප්‍රදායික ඖෂධ වට්ටෝරු සහ පාරම්පරික ඖෂධ වට්ටෝරු එක් කරමින් සාම්ප්‍රදායික ඖෂධ සංග්‍රහයක් සකස් කිරීමට හැකි වුණා.ආයුර්වේද නීති සංග්‍රහය කෙටුම්පත් කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට දේශීය වෛද්‍ය ජාතික ප්‍රතිපත්තියක් ඇති කළා. ඉතිහාසයේ ප්‍රථම වතාවට ආයුර්වේද කොමසාරිස්වරයා වශයෙන් ආයුර්වේද වෛද්‍යවරයෙක පත් කරන්න හැකි වුණා.

    නැගෙනහිර පළාතේ පමණක් ආයුර්වේද වෛද්‍ය පුරප්පාඩු 1050ක් තිබෙනවා. ඒවා බඳවා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා. ලිඛිත විභාග පවත්වා පාරම්පරික වෛද්‍යවරු 500ක් බඳවා ගැනීමට කටයුතු කළා.

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya