ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නංවමින් ගුණාත්මක සහ මිලෙන් අඩු ඖෂධ නිෂ්පාදනයට පියවර - සෞඛ්‍ය අමාත්‍ය

    නොවැම්බර් 30, 2023

    වසරකට ලංකාවේ ඖෂධ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් වියදම් කෙරෙන බවත් ඉදිරි වසර 05-10 කාලය තුල මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් ගුණාත්මකභාවෙයන් ඉහළ සහ මිලෙන් අඩු ඖෂධ බහුතරයක් නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කරයි.

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2024 වැය ශිර්ෂ විවාදයට එක් වෙමින් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා අද (30) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    වැඩිදුරටත් අඳහස් දැක්වූ අමාත්‍යවරයා;

    “හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ කාලයේ දී සිදු කළ සාධනීය කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරනවා. 1858 දි මෙරට සෞඛ්‍ය පද්ධතිය විධිමත් ආකාරයට සිවිල් වෛද්‍ය දෙපාර්තමේන්තුව හැටියට ඉංග්‍රීසි යුගයේ ආරම්භ ව එවකට මෙරට ජනගහනය වන මිලියන 2.4 ක පිරිසකට සහන සැළසූ ආයතනයක් ලෙස ප්‍රවර්ධනය වුණා. වර්තමානයේ මෙරට සෞඛ්‍ය පද්ධතිය මිලියන 21 ක ජනතාවට අප්‍රමාණ සෞඛ්‍ය සේවා සපයන අංශයක් බවට පත්වෙලා තිබෙනවා. වෛද්‍යවරු 23,000 ක්, හෙද නිලධාරින් 43,000 ක්, පරිපුරක හා අතුරු වෛද්‍ය සේවාවේ 10,000 කට අධික පිරිසක් වගේම අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල ලක්ෂයකට ආසන්න පිරිසක් සමග 140,000 වන සමස්ත සේවක පිරිසක් සමග රට වෙනුවෙන් විශාල කැප කිරීමක් සිදු වෙනවා. දීර්ඝකාලයක් සිට මෙම අන්තර් සම්බන්ධතා හේතුවෙන් මෙරට සෞඛ්‍ය පද්ධතිය ලෝක මට්ටමට ගොස් තිබෙනවා. මෙරට ඔිනෑම පළාතක කිලෝමීටර් 05 ක් ඇතුලත කිසියම් හෝ සෞඛ්‍ය මධ්‍යස්ථානයක් හෝ රෝහලක් සොයාගැනීමට හැකියි. මේ හරහා ජනතාවට අතිවිශිෂ්ට සේවාවක් සිදු වෙනවා. එම සේවාව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අඩු පිරිවැයකින් සාධනීය සෞඛ්‍ය සේවාවක් සළසන මධ්‍යස්ථානයක් ලෙස හදුනාගෙන තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි කලාපයේ රටවල් අතරින් ඉතා ඉදිරියෙන් තිබෙනවා. මේ සදහා නිදහස් ශ්‍රී ලංකාවේ පැවැති සෑම රජයක්ම, අමාත්‍යවරයෙක්ම විශාල කැප කිරිමක් සිදු කර තිබෙනවා. ඒ වෙනුවෙන් මාගේ ස්තූතිය ගෞරවය පුද කරනවා.”

    “වර්තමානයේ එම සෞඛ්‍ය සේවාවේ විශාල ප්‍රවර්ධනයක් සමග මාතෘ මරණ, ළදරු මරණ, එන්නත් මගින් බෝවන රෝග වළක්වා ගැනිම ඇතුලු කරුණු කාරණා රැසකින් අප ඉදිරියට පැමිණ තිබෙනවා. මෑත ඉතිහාසයෙ තුල සිදු කළ විශාල කැපකිරිම තමයි කොවිඩ් අර්බුදය හමුවේ ජනතාවගේ ජිවිත බේරාගැනීමට කටයුතු කිරීම. ලොව දියුණු සෞඛ්‍ය පද්ධති පවතින රටවල් අභිභවා ගොස් සාධනීය ප්‍රතිඵල ලබාගැනිමට මෙරට සෞඛ්‍ය කාර්ය මණ්ඩල පැවැති රජයන් සමග සුහදව වැඩකටයූතු කළා.”

    “වර්තමානය වන විට අප මුහුණ දෙන අර්බුද හා අභියෝග සටහන් කිරීමේ දී ප්‍රධානතම කාරණය හැටියට ඖෂධ අර්බුදය පෙන්වා දිය හැකියි. විවිධ ගැටලු හේතුවෙන් සහ ආර්ථික අර්බුද හමුවේ සාම්ප්‍රදායික සැපයුම්කරුවන්ගෙන් බැහැර වෙලා විවිධ ආයතනවල උදවු, ප්‍රදාන ලබාගැනීමට සිදු වුණා. ලෝක සෞඛ්‍ය සංවිධානය, යුනිසෙෆ් සංවිධානය, ලෝක ආහාර සංවිධානය ඇතුලු සංවිධාන සහ ද්විපාර්ශ්වීය වැඩසටහන් යටතේ අපට ජපානය, ඉන්දියාව, චිනය වැනි රටවල් විශාල ලෙස උදව් කරා. ඒ අනුව පැවැති තත්ත්වය යම් තරමකින් කළමණාකරණය කරගත හැකි වුණා. එම තත්ත්වය ඉදිරි මාස කිහිපය තුල දී යථාවත් කර ගැනීමට හැකිවෙයි කියා අප විශ්වාස කරනවා.

    හදිසි අවස්ථාවේ දී භාවිතා කළ හදිසි මිලදී ගැනීම් සම්පූර්ණයෙන් නවත්වා තිබෙනවා. විධිමත්ව හදිසි මිලදී ගැනීමක් නොවුනත් අත්‍යාවශ්‍ය කාරණා වෙනුවෙන් ප්‍රදානයන් ඇතුලු, ලියාපදිංචි නොවන සියලු ඖෂධ වෙනුවෙන්ම ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ලෝක සෞඛ්‍ය සංවිධානය ලබාදී ඇති නිර්දේශයන්ට අනුගතව හා අප හදුනාගෙන තිබෙන විශ්ෂ්ඨ ක්‍රමවේදයන්ට අනුගතව නිදහස් කිරීමට අවශ්‍ය උපදෙස් අපි පැහැදිලිව ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිතුමාට සහ කාර්ය මණ්ඩලයට දන්වා තිබෙනවා. එම ක්‍රමවේදය විතරයි මීට පසු අපි අනුගමනය කරන්නේ. වෙනත් කිසිදු ඖෂධයක් වෙනුවෙන් අනුමැතිය ලබාදීමට වෙනත් ක්‍රමවේදයක් භාවිතා කරන්නේ නැහැ.”

    “ලංකාවේ වාර්තමානයේ මේ ඇති වී තිබෙන අර්බුදයත් සමග ඖෂධ නියාමන අධිකාරයේ ගැටලු රාශියක් මතුවෙලා තිබෙනවා. ලියාපදිංචිය වෙනුවෙන් අති විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ලැබිලා තිබෙනවා. ඖෂධ නියාමන අධිකාරියට අපි දැනුම් දී තිබෙනවා නැවත ලියාපදිංචියට ප්‍රමුඛතාවය ලබාදෙන්න කියන කාරණය පළමු කාරණය ලෙසත් දෙවන කාරණය දේශීය නිෂ්පාදකයින්ට ප්‍රමුඛතාවය ලබාදෙන්න කියන එක. තුන්වැන්න මෙරට ලියාපදිංචි කර ඇති ඖෂධ සංඝටක වල තුන්වැනි සහ හතරවැනි සංඝටක ලියාපදිංචිය වෙනුවෙන් අවසර ලබාදෙන ලෙස දන්වලා තිබෙනවා. ප්‍රමුඛතාවය අනුව සකස් කිරීමෙන් විතරයි අනෙකුත් ලියාපදිංචි කිරීම් පිළිබදව අවධානය යොමු කරන්නේ.”

    “අප සෑම කෙනෙකුගේම බලාපොරොත්තුව ලියාපදිංචිය ශක්තිමත් කරනවා වාගේම, නිශ්චිත ක්‍රමවේද භාවිතා කරනවා වගේම ගැටලුවට අවසන් තිරසාර විසදුම අපට පෙනෙන විදිහට ලංකාව තුල ඖෂධ නිෂ්පාදනය කිරිම. පසුගිය කාලය තුල එම වැඩපිළිවෙල ශක්තිමත්ව ඉදිරියට පැමිණ අද ලංකාවේ ඖෂධ 850 න් 210 ක් අද මෙරට නිෂ්පාදනය කරනවා. එය විශිෂ්ඨ කටයුත්තක්. පසුගිය අවුරුදු දෙකක අසීරු කාලය තුල ලංකාවේ ඖෂධ නිෂ්පාදන කර්මාන්ත ඇතුලු කර්මාන්ත රැසක් ඉදිරියට පැමිණ තිබෙනවා. මෙරට භාවිතා වන ඖෂධ වලින් දැනට සියයට 20 ක් මෙරට නිෂ්පාදනය කරනවා. ඉදිරි වසර 05-10 කාලය තුල නිවැරදි ආයෝජන මගින් නිවැරදි ආයතනවලට උදව් කිරිම මගින් සහ විනිවිද පෙනෙන සුළු ඉතා හොද කර්මාන්තයක් තුලින් ලංකාවේ අවශ්‍යතාවයෙන් සියයට 80 කට වඩා වැඩි ප්‍රමාණයක් ඉදිරි කාලය තුළ නිෂ්පාදනය කරන්න පුළුවන්.

    ඒ වෙනුවෙන් අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි උපරිම සහයෝගය අපි ලබාදෙනවා. ඒ හරහා දැනට වසරකට ලංකාවේ ඖෂධ ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 600 කට වැඩි ප්‍රමාණයක් වියදම් වෙනවා. අපි විශ්වාස කරනවා ඉදිරි වසර 05-10 කාලය තුල මෙරට ඖෂධ නිෂ්පාදනය ඉහළ නැංවීමෙන් ගුණාත්මකභාවෙයන් ඉහළ සහ මිලෙන් අඩු ඖෂධ බහුතරයක් නිෂ්පාදනය කරන්න. අපි පිටරටින් ආනයනය කරන ඖෂධ වල මිල අඩුයි. බහුතරයක් ඖෂධවල ගුණාත්මකභාවය ඉහළ මට්ටමක තිබෙනවා. විශාල ආයෝජනයක් කර්මාන්ත 20 ක් පමණ කරලා තිබෙනවා. ඒවා දියුණු කිරිමට සහ අළුතින් කර්මාන්ත ශාලා ඇති කිරීම වැනි ආයෝජන මගින් මෙරට ඖෂධ නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරිමටත්, නිෂ්පාදනය රටට අරගන්නවා වාගේම අපනයනය සදහා අතහිතදිමටත්, අපි ප්‍රමුඛ කාරණයක් ලෙස කටයුතු කරනවා.”

    “පසුගිය කාලය තුල මෙරට ආර්ථික තත්ත්වය මත විශාල වෘත්තීයවේදින් පිරිසක් රට හැර ගියා. වෛද්‍යවරුත්, හෙද හෙදියන් සහ අනෙකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලත් රට හැරයාමට ඉල්ලුම් කර තිබෙනවා. පිරිසක් රටහැර ගොස් තිබෙනවා. ඔවුන්ට අවශ්‍ය සාධනීය වෘත්තීමය වටපිටාවක වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් මේ රටේ ඇති කිරීමටත්, ඒ් වෙනුවෙන් පසුගිය කාලය තුල විවිධ වෘත්තීන් සමග අපි සාකච්ඡා කළා.

    ඔවුන් මුහුණ දෙන ගැටළු ගණනාවක් තිබෙනවා. පළමුවෙනි කරුණ ආර්ථීක අභියෝග, දෙවැන්න වෘත්තීය ගැටළු, ඒ සියල්ලටම සවන්දීමෙන් පසු සෑම දෙනෙකුටම ලබාදිය හැකි සහනයන් ලබාදිමට මුදල් අමාත්‍යාංශයේ ද සහයෝගය ලබා‌ගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස කැපවී කටයුතු කරනු ලබනවා. රටෙන් බැහැර වන වෛද්‍යවරුන් පිළිබදව පැවැති සාකච්ඡාවේ දී ලංකාවේ මෙම තත්ත්වය පිළිබදව කළින් දැනුවත් කිරීමක් නොමැති නිසා විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් රටින් බැහැර වෙලා තිබෙනවා. වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයට අපි දැනුම් දී තිබෙනවා අපි ඉල්ලීමකුත් කරනවා වැඩිපුර තෝරාගත් අංශවල විශේෂඥවරුන් රටට වැඩිපුර බිහි කිරීමට කටයුතු කිරීම ඉතාම වැදගත් කාරණයක්. ඔවුන් පුළුවන් තරම් රටේ රදවා ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස දිය හැකි සහන ලබාදීමට කටයුතු කරනවා.”

    “මෙරට පෝෂණ තත්ත්වය පිළිබදව පැහැදිලි ගැටළුවක් ඇතිව තිබෙනවා. ඒ හරහා ඇති වූ තත්ත්වය පසුගිය මාස 03 ක පමණ කාලය තුල යම් තරමක යහපත් අතට හැරෙමින් පවතිනවා. උග්‍ර කෘෂ තත්ත්වය ගිය වසරට සාපේක්ෂව ක්‍රමාණුකූලව අඩුවෙමින් තිබෙනවා. සියයට 1.4 ක ප්‍රතිශතය සියයට 1.2 දක්වා අඩු වී තිබෙනවා. මේ වසරේ වාර්තා වන උග්‍ර කෘෂ තත්ත්වයෙන් පෙළෙන දරුවන් සංඛ්‍යාව 18,670 සිට 15,763 දක්වා අඩු වී තිබෙනවා. අඩුබර තත්ත්වය යහපත් තත්ත්වයක් පෙන්නුම් කරන්නේ නැහැ. විශේෂ පෝෂණ මළු, ආහාර මළු ලබාදිම, තෝරාගත් පවුල් වෙනුවෙන් රජය මගින් වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කරනවා. එම වැඩසටහන් වඩා විධිමත්ව, ශක්තිමත්ව පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් හරහා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හරහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් හරහා පෝෂණ තත්ත්වයන් ඉහළ නැංවීමට විධිමත්ව හා ශක්තිමත්ව සිදු කිරීමට බලාපොරොත්තු වෙනවා. විශාල පසුවිපරමක් කරන්න සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් කටයුතු කර තිබෙනවා. පෝෂණ මට්ටම පිළීබදව ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති කාර්යාංශයේ මෙහෙයවීමෙන් විශාල වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙනවා. බහුවිද ආයතන, ස්වේච්ඡා සංවිධාන ඇතුලු පුද්ගලයින්රැසක් මේ සදහා සම්බන්ධ වී තිබෙනවා. රටේ දරුවන්ගේ පෝෂණ තත්ත්වය යහපත් අතට පත් කිරිමට හැකිවෙතැයි විශ්වාස කරනවා.”

    “රටේ වර්තමානයේ ක්‍රියාත්මක කරන පාසල් දිවා ආහාර ලබාදීමේ වැඩසටහන ශක්තිමත් කිරීමට කටයුතු කරනවා වාගේම ඉදිරි කාලයේ දී වයස අවුරුදු 05 ට අඩු දරුවන්ගේ පෝෂණ තත්ත්වය සැළකීමේ දී පෙරපාසල් දරුවන්ටත් කිසියම් පෝෂණ වැඩපිළිවෙළක් දියත් කිරීමට රජයේ අවධානය යොමු කර තිබෙනවා. මුල්‍ය තත්ත්වය කළමණාකරණය ගතහොත් දිර්ඝකාලීනව පාසල් දරුවන්ට අමතරව පෙරපාසල් දරුවන්ටත් කිසියම් පෝෂණයක් වෙනුවෙන් අවශ්‍ය මුල්‍ය හා ආහාර ආධාර ලබාදීම සුදුසුයි කියන මතයේ අපි පැහැදිලිවම ඉන්නවා. මේ සදහා බහුපාර්ශිව ආයතන විශාල කැපකිරීමක් කරනවා.”

    “විශාල සෞඛ්‍ය ජයග්‍රහණ ලබාගත්ත ද බෝනොවන රෝග අංශයෙන් විශාල අර්බුදයකට ලංකාව මුහුණ දී තිබෙනවා. වර්ථමානයේ දි වයස අවුරුදු 35 ට වැඩි අයගෙන් සියයට 15 ක් දියවැඩියාවෙන් පෙළෙනවා. ළමා ජනගහනය අතුරින් සියයට 10 ක් ස්ථූලභාවයෙන් පෙළෙනවා. ළමා දියවැඩියාව විශාල පැතිරයාමක් සහ දියවැඩියාව ජනතාව අතර පැතිරයාමෙත් ප්‍රවණතාවයක් තිබෙනවා. අධිකරුධිර පීඩනය වයස 35 ට වැඩි ජනගහනය තුල සියයට 30 ක් තිබෙනවා. මෙහි භයානක තත්ත්වය මින් වැඩි පිරිසක් තමන් දියවැඩියා රෝගියෙකු බව දන්නේ නැහැ. විශාල පිරිසක් අඛණ්ඩව ප්‍රතිකාර ලබාගන්නේ නැහැ. එය විශාල ගැටළුවක්. මේ පිළිබදව ජනතාව දැනුවත් කිරිම අවශ්‍ය වනවා. මරණ අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රමවේද සකස් කිරිමට අවශ්‍යයි.”

    “හෘද අකරනිය පිළිකා අධික රුධිර පීඩනය කතා කරනවා වගේම අපි කථා නොකරන මාතෘකා අතර ප්‍රධාන දෙයක් තමයි ලංකාවේ රෝහල්ගතවීම්, ඇතුලත්වීම් වසරකට මිලියන 06 ක් සිදු වෙනවා. ඉන් මිලියනයක් අනතුරු හේතුවෙන් මාර්ග අනතුරු, නිවෙස්වල සිදුවන අනතුරු, දියේ ගිලිම් ඇතුලු අනතුරු හේතුවෙන් රෝහල්ගත වෙනවා. වසරකට මේ අනතුරු හරහා ජිවිත 12,000 ක් අහිමි වෙනවා. මාසයකට ජිවිත 1000 ක්, දිනකට ජිවිත 30 ක් නැති වෙනවා. එය අපි අවධානය යොමු කළ යුතු ප්‍රභල කාරණයක්. ඩෙංගු රෝගය නිසා ගිය වසරේ 72 ක් ජිවිත අහිමිව තිබෙනවා. අනතුරු පිළිබදව ජනතාව දැනුවත් කිරීමට කටයුතු කරන ලෙස පක්ෂ විපක්ෂ සියළු දෙනාගෙන් මෙන්ම මාධ්‍ය අංශ වලින් ඉල්ලා සිටිනවා. බොනොවන රෝග පිළිබද කාරණයේ දී අපි දියවැඩියාවට, අධික රුධිර පීඩනයට, කීරීටක ආඝාතය, පිළිකා රෝග වැන කථා කරනවා වගේම අනතුරු පිළිබදව කථා කළ යුතුයි. සෞඛ්‍ය සේවාවට විශාල පිරිවිතරක් අනතුරු ප්‍රතිකාර සේවා සදහා දැරිමට සිදුව තිබෙනවා. ඉන් අතිවිශාල මුදල් ප්‍රමාණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වැය කිරිමට සිදු වෙලා තිබෙනවා.”

    “අනාගතයේ දී සර්ව සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන් වලදී ඉදිරියේ දී මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සංවර්ධන වැඩසටහන් සාර්ථකව ක්‍රියාත්මක කිරිම මෙන්ම එක ආයතනයකට පොකුරු ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම ශක්තිමත් කිරිම බලගැන්වීම ඉතා වැදගත් ‌වෙනවා. ප්‍රාථමික සෞඛ්‍ය ආයතනයකින් ද්විතීයික, තෘතීයික මධ්‍යස්ථානවලට රෝගීන් සම්ප්‍රේෂණය වීම ක්‍රමවේදයක් සකස් කිරීම අත්‍යාවශ්‍ය කාරණයක්. ඒ වෙනුවෙන් කටයුතු රැසක් මේ වනවිටත් සිදුකර තිබෙනවා. අපි ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ලබාදී කටයුතු කරනවා.”

    ‘’මේ කටයුතු සිදුකරගෙන යන අතර, සර්ව සෞඛ්‍ය සංරක්ෂණ වැඩසටහන්ට අදාල සියළු කරුණු කාරණා ආවරණය වන පරිදි අපි විධිමත්ව රැස්වීම් පවත්වලා මධ්‍යම රජයේ සහ පළාත් සමග සම්බන්ධව ඉදිරි කටයුතු කරගෙනයාමට අවශ්‍ය යාන්ත්‍රණය බලගැන්වීමට කටයුතු සිදු කරනවා. දේශීය වෛද්‍ය අංශය ගැන විශාල කැපකිරීමක් කරන්න ගරු රාජ්‍ය අමාත්‍යතුමා මැදිහත්ව සිටිනවා. පවතින අඩුපාඩු මගහරවාගෙන විශ්වාසනීයත්වය ආරක්ෂා කරගෙන නැවත මෙම පද්ධතිය ගොඩනැගීමට ශක්තිය ලබාදෙන සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ සියළු දෙනාට ස්තුතිය පුද කරනවා.”

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya