ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කීරි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනයට අනුමැතිය

    දෙසැම්බර් 01, 2023

    එළඹෙන උත්සව සමය ඉලක්ක කර ගනිමින් කීරි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වූ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද(01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බංඩාර මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මෙම සහල් අලෙවි කිරීම රාජ්‍ය අංශයේ මැදිහත් වීම මත සිදු කිරීමට උපදෙස් ලබා දී ඇතැයිද අමාත්‍යවරයා කීය. අවශ්‍ය තරම් සහල් සහ වී තොග රට තුළ ඇති බවත්, එහෙත් ඇතැම් වී මෝල් හිමියන් එම සහල් තොග රඳවාගෙන ඇතැයිද අමාත්‍යවරයා කීය.එම සහල් තොග ආනයනයත් සමග සහල් මිල ඉහළ යාම පාලනය කිරීමට හැකි වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    පසුගිය මහ කන්නයේ දී වී වගා කරන ඉඩම්වලින් සියයට 07ක පමණ කීරි සම්බා වගා කළ බවත් ඉන් මෙටි්‍රක් ටොන් 5000ක අස්වැන්නක් ලැබුණු බවත් අමාත්‍යවරයා පැවසීය

    2022/23 මහ කන්නයේ දී මෙරට සමස්ත වී වගා බිම් ප්‍රමාණයෙන් සියයට 07ක කීරි සම්බා වගා කර තිබෙනවා. මෙවර මෙට්‍රික් ටොන් පන් ලක්ෂයක කීරි සම්බා අස්වැන්නක් ලැබී තිබෙනවා.

    සාමාන්‍යයෙන් අප රටේ වාර්ෂික සහල් අවශ්‍යතාව මෙට්‍රික් ටොන් මිලියන 2.4කි.රජය විසින් ආරක්ෂිත වී සංචිත පවත්වාගෙන යාමට පියවර නොගැනීම හේතුවෙන් මේ වනවිට ඇතැම් සහල් මෝල් හිමිකරුවන් කීරි සම්බා මිල ඉහළ නැංවීම සඳහා කෘත්‍රිම සහල් හිඟයක් රට තුළ නිර්මාණය කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya