ජනවාරි 12, 2025
tami eng youtube  twitter facebook

    නවීකරණ කටයුත්තක් සඳහා නව කැලණි පාලම වසා තැබේ

    දෙසැම්බර් 01, 2023

    කොළඹ නව කැලණි පාලම ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද නව කැලණි පාලමේ (කල්‍යාණි රන් පිවිසුම) සිදු කෙරෙන අත්‍යාවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් අදියර තුනක් යටතේ පාලම වසා තැබීමට සිදුවන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

    නව කැලණි පාලම ව්‍යාපෘතියේ සියලු ඉදිකිරීම් මේ වන විට අවසන්ව ඇති බැවින් කොන්ත්‍රාත් සමාගම නිදහස් කිරීම සඳහා එහි සියලු වගකීම් නැවත සමාලෝචනය කිරීමේ අදියරට පැමිණ ඇත. ඒ අනුව කොන්ත්‍රාත්තුව ප්‍රකාරව එහි කාර්යයන් කිහිපයක් එම සමාගම ලවා නැවත සකස්කර ගැනීමේ ඉඩකඩ පවතී.

    මේ වන විටත් කිසිඳු අවදානමකින් තොරව ඉදිරියටත් මෙම ඉදිකිරීම භාවිතා කල හැකි වුවත් කොන්ත්‍රාත්තුවේ ප්‍රතිපාදන ප්‍රකාරව මෙම නවීකරණ කටයුතු සිදු කිරීමට කටයුතු කරනු ඇත.

    ඒ අනුව එහි,
    1 වන අදියර යටතේ 2023 දෙසැම්බර් මස 01 වන සිකුරාදා ප.ව.09.00 සිට දෙසැම්බර් 04 වන සඳුදා පෙ.ව.06.00 දක්වාත්,
    2 වන අදියර යටතේ 2023 දෙසැම්බර් මස 08 වන සිකුරාදා ප.ව.09.00 සිට දෙසැම්බර් 11 වන සඳුදා පෙ.ව.06.00 දක්වාත්,
    3 වන අදියර යටතේ 2023 දෙසැම්බර් මස 15 වන සිකුරාදා ප.ව.09.00 සිට දෙසැම්බර් 18 වන සඳුදා පෙ.ව.06.00 දක්වාත්,නව කැලණි පාලම වසා තැබෙනු ඇත.

    මෙම අවස්ථාවන් වලදී මගීන්ට සහ රථවාහන වලට සිදුවිය හැකි අපහසුතා මග හරවා ගැනීම සඳහා අදාල කාල සීමාවන් තුල විකල්ප මාර්ග භාවිතා කරන ලෙස ඉල්ලීමක් සිදුකෙරේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya