ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය නුදුරේදීම ජනගත කරනවා - අනාගතය රැඳී තිබෙන්නේ ව්‍යවසායකත්ව කර්මාන්තයක් මත පදනම්ව බව දරුවන්ට කියා දීම අවශ්‍යයි

    දෙසැම්බර් 02, 2023

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය නුදුරේදීම ජනගත කරනවා - අනාගතය රැඳී තිබෙන්නේ ව්‍යවසායකත්ව කර්මාන්තයක් මත පදනම්ව බව දරුවන්ට කියා දීම අවශ්‍යයි - කර්මාන්ත ඇමති

    ශ්‍රී ලංකාවේ කර්මාන්ත ප්‍රතිපත්තිය නුදුරේදීම ජනගත කිරීමට බලාපොරොත්තු වන බව සෞඛ්‍ය සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඊයේ(02) පාර්ලිමේන්තුවේද පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ කර්මාන්ත අමාත්‍යංශයේ කාරකසභා අවස්ථාවේ වැයශීර්ෂ විවාදයට එක්වෙමිණි.

    කර්මාන්ත ප්‍රතිපත්තිය මේ වන විටත් මුදල් අමාත්‍යංශයට භාර දී ඇතැයි කර්මාන්ත අමාත්‍යවරයා පැවසීය.මුදල් අමාත්‍යංශයේ අනුමැතිය ලැබුණු විගස එය ජනගත කිරීමට හැකි වනු ඇති බවත් එම ප්‍රතිපත්තිය තුළින් කර්මාන්ත අංශයේ සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන බවද හෙතෙම පැවසීය.

    ස්ථාවර කර්මාන්ත පද්ධතියක් තිබුණොත් තමයි රට දියුණු වෙන්නේ. මෑත ඉතිහාසයේ දියුණු වන සෑම රටක්ම ස්ථාවර කාර්මික පද්ධතියක් කෙරෙහි විශ්වාසය තබා තිබේ.මේ රටේ කුඩා සහ මධ්‍ය පරිමාණයේ ව්‍යවසායකයින් මේ අර්බුදකාරී අවස්ථාවේ රටේ ආර්ථිකය පවත්වාගෙන යාමට විශාල දායකත්වයක් දැක්වා තිබේ.රජයේ දායකත්වය තවදුරටත් වැඩි කළොත් මෙරට කර්මාන්ත වලින් ජාතික ආර්ථිකයට ලැබෙන දායකත්වය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව ද හෙතෙම කීය. කර්මාන්ත අමාත්‍යංශය මගින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව හෙතෙම කීය.

    මේ වන විට පාසල් 300ක පමණ කර්මාන්ත ව්‍යවසායකත්ව කව පිහිටුවා තිබෙනවා. ඉදිරි වසර 02දී පාසල් 5000කවත් මෙම වැඩසටහන් ආරම්භ කර මේ පිළිබඳ ජනතාවගේ අවධානය ඇති කර ගැනීමට  බලාපොරොත්තු වෙනවා. මෙම වසරේ දිවයින පුරා කර්මාන්ත ප්‍රදර්ශන 04ක් මේ වන විට පවත්වා තිබෙනවා. කර්මාන්ත  කරෙහි උත්තේජනයක් ඇති කිරීමට සහ ජාත්‍යන්තර අවධානය යොමු කිරීමට ඉන්ඩස්ට්‍රි සිලෝන් සගරාව ඇති කළා. නැගී එන කර්මාන්ත කරුවෙක් වෙනුවෙන් දායකත්වය දක්වන්න වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබෙනවා.ඉන්ඩස්ට්‍රි ටීවී නමින් පියෝටීවී නාළිකාව ආරම්භ කළා ව්‍යවසායකත්ව හැදුනුම් පතක් සහ  වාහන බලපත්‍රයක් නව කර්මාන්තකරුවන්ට ලබා දෙනවා.එවිට තරුණ පරපුරටරාජ්‍ය සේවයට යන එකක් නැහැ.රාජ්‍ය සේවය බරක් වෙන එකක් නැහැව්‍යවසායකත්වය ඉදිරියට ගෙන යාමේ වැඩපිළිවෙළ , දරුවන්ට කියල දෙන්න අවශ්‍යයි.

    ඔබේ අනාගතය රැඳී තිබෙන්නේ ව්‍යවසායකත්ව කර්මාන්තයක් මත පදනම්ව බව දරුවන්ට කියා දීම අවශ්‍ය බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya