ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ, සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් - නිර්දේශය වැඩි ඡන්ද 56 කින් සම්මතයි

    දෙසැම්බර් 02, 2023

    රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මහත්වරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු මාසයකට තහනම් කිරීමට පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුව කළ නිර්දේශය වැඩි ඡන්ද 56 කින් අද(02) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණි.

    එම නිර්දේශයට පක්ෂව ඡන්ද 57 ක් සහ විපක්ෂව එක් ඡන්දයක් ලැබුණු අතර මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකිණ. දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේය.

    අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සහ පුත්තලම දිස්ත්‍රික මන්ත්‍රී මායාදුන්න චින්තක අමල් මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

    සමඟි ජන බලවේගයේ මන්ත්‍රීවරු ඡන්දය විමසන අවස්ථාවේ සභාවෙන් පිටව ගියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya