ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රටේ ජාතික සමගිය ඇති කරන්න හදන විට,මන්ත්‍රීවරු කිහිපදෙනෙක් එක්වී ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරනවා- අධිකරණ අමාත්‍ය

    දෙසැම්බර් 04, 2023

    රටේ ජාතික සමගිය ඇති කරන්න හදන විට ,මන්ත්‍රීවරු කිහිප දෙනෙක් එක්වී ජාතිවාදය ඇවිස්සීමට උත්සාහ කරන බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා අද (4) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අමාත්‍යංශ නිවේදන යටතේ අධිකරණ අමාත්‍යංශය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව පැවසීය

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, මෙම උතුරු නැගෙනහිරට කරපු සේවාවෙන් 1/1000 වත් කළ අය මෙම පාර්ලිමේන්තුවේ නැහැ.ඉන්දියාවේ සිට පැමිණි 12,800කට වැඩිය ජනතාවක් උතුරේ හිටියා. ඔවුන්ට උප්පැන්න සහතියකයක් හෝ හැදුනුම්පත් තිබුණේ නැහැ. නැගෙනහිර එවැනි ජනතාව 3000ට වැඩිය හිටියා. ජංගම සේවාවන් පවත්ව එම ගැටලු විසඳීමට කටයුතු කළා.එක ද්‍රවිඩ මන්ත්‍රීවරයෙක්වත් මෙම ගැටලු විසඳීමට මැදිහත් වුණේ නැහැ.

    උතුරේ සිටින දෙමළ ජනතාව අදටත් ඉල්ලන්නේ සාමය. පාර්ලිමේන්තුවේ සිටින මෙම මන්ත්‍රීවරුන්ගේ මතය නෙමෙයි ද්‍රවිඩ ජනතාවගේ මතය වෙන්නේ . මේ අයගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තමයි මේ අය කටයුතු කරන්නේ

    උතුරේ ජනතාව සම්බන්ධයෙන්, මෙම පාර්ලිමේන්තුවේ ප්‍රතිරූපනය වෙන්නේ දේශපාලකික්ඥයින් කිහිප දෙනෙක්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් තිබෙන මතය නොවෙයි. පාර්ලිමේන්තුවේ එක ජන කොටසක් පමණක් නිරූපණය කරන්නේ නැහැ.

    අධිකරණයේ විනිසුරුවරුන්ට හේතුවක් නැතිව දොෂාරෝපණය කිරීමෙන් වලකින ලෙස ද අධිකරණ අමාත්‍යවරයා මෙහිදී ඉල්ලා සිටියේය. තවද පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් මන්ත්‍රීවරුන් විනිසුරුවරුන්ට අපහාස නොකළ යුතු බවද අමාත්‍යවරයා අවධාරණය කළේය. මෙහෙම වුණොත් රටේ ප්‍රජාත්‍රන්තවාදය ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය එක්ව කටයුතු කරන්නේ කොහොමද යනුවෙන් අධිකරණ අමාත්‍යවරයා ප්‍රශ්න කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya