ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පරිවාස නිලධාරීන් පුහුණු කරන වැඩපිළිවෙලක් ආරම්භ කරනවා - කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය

    දෙසැම්බර් 04, 2023

    පරිවාස නිලධාරීන් පුහුණු කරන වැඩපිළිවෙලක් අමාත්‍යාංශ මට්ටමින් ආරම්භ කරන බව කාන්තා,ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය අද (04)  පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

    කලමුණේ දරුවකු මියයෑමේ සිද්ධිය පිළිබඳ අඳහස් දක්වමින් අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ ය.

    තමන් ඉතා වෙහෙසී මෙම සිදුවීම සොයා බැලූ බව අමාත්‍යවරිය සඳහන් කළාය.මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණයකට යොමු කර තිබෙන බව කී අමාත්‍යවරිය, මෙම දරුවා දෙමව්පියන් විසින් අත හැර දැමූ දරුවෙක් බව කීවේ ය.

    පරිවාසය කියන්නේ දරුවන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය,අධ්‍යාපනය සියල්ල බලාගත යුතු තැනක දී මෙවැනි අවාසනාවන්ත සිද්ධියක් වීම ගැන මම අතිශයින් ම කණගාටුවට පත් වෙනවා. මෙයට එක් හේතුවක් ලෙස පරිවාස නිලධාරින්. හැබැයි පරිවාස නිලධාරින් කියන්නේ නිකම් ම නිකම් නැනීලා නෙමේ. සේවකයින් නෙමේ. ඒ අයට දරුවන්ගේ මානසිකත්ව වටහාගැනීමට හැකි විය යුතුයි. ඉතාම ඉක්මනින් අමාත්‍යාංශ මට්ටමින් එම නිලධාරින් පුහුණු කරන්නට කටයුතු කරනවා.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya