ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ලබන එළඹෙන ජනවාරියේ පාර්ලිමේන්තුවට - සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති

    දෙසැම්බර් 04, 2023
    ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ලබන එළඹෙන ජනවාරියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි, සමාජ සවිබලගැන්වීමේ රාජ්‍ය ඇමති අනූප පස්කුවෙල් මහතා අද(04) පාර්ලිමේන්තුවේදී පැවසීය. 
    ආබාධිත අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රමාද වීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
     
    වැඩිදුරටත් අදහස් දැක් වූ අනුප පැස්කුවල් මහතා පැවසුවේ, 2007 සිට ආබාධිත පනත සම්බන්ධයෙන් කටයුතු සිදු වෙන බවයි. මේ වන විට ඒම කටයුතු අවසන් කර ඇති බවත්, ලබන මාසයේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවද කීය. එම ආබාධිත ප්‍රජාවට රියදුරු බලපත්‍රයක් ලබා දීම සම්බන්ධයෙන්ද කටයුතු සිදු වන බවද කීය.
     
    මෙම අවස්ථාවේ අදහස් දැක් වූ විදේශ රැකියා රාජ්‍ය අමාතය මනුෂ නානායක්කාර මහතා පැවසුවේ,  රැකී රක්ෂා පනතටද ආබාධ සහිත පුද්ගලයින් සම්බන්ධයෙන්ද ඇතුළත් කරන බවයි. එහි කටයුතුද අවසන් අදියරේ පවතින බවද හෙතෙම පැවසීය.  සියළුම අංශ වලදී එම පුදගලයිනට වෙනස් කමකින් තොරව සැළකීමටත් විදෙස් රැකියා වලදීද ඔවුන්ට අවස්ථාව  ලබා දීමට කටයුතු කරන බවයි.
     
    සමහර විට උඩ වැඩ කරන රැකියාවකට ඔවුන් යොදා   ගන්න බැරිවෙයි. නමුත්  අබාධයක් තිබීම වෙනස්කමකින් තොරව කටයුතු කිරීමට එම පනත හරහාඉඩ ලබා දී තිබෙනවා.
    මෙම අවස්ථාවේ නැගි සිටි විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ, අබාධිත වචනය මේ වන විට සමාජයේ ඒතරම් භාවිතා නොකරන බවයි. ඒ් වෙනුවට විශේෂ අවශ්‍යතා යන වචනය භාවිතා කළ යුතු බවයි. ඒ පිළිබඳව තමා අමාත්‍යවරයා‌ට යෝජනා කර ඇතැයිද කීය.
     
    මෙහිදී අදහස් දැක්වූ මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ, මේ පනත ඉක්මන් කිරීම ගැන සතුටු වෙන බවයි.
     
     
     
     
     
     
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya