ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් EMPO 2023 නමින් දෙදින ජාතික වැඩසටහනක් 

    දෙසැම්බර් 04, 2023

    ජාත්‍යන්තර ආබාධිත දිනය නිමිත්තෙන් සමාජ සවිබලගැන්වීමේ අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන,ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ ජාතික මහ ලේකම් කාර්යාලය විසින් EMPO 2023 ලෙස නම් කෙරුණ පියවර දෙකකින් හා දෙදින ක් පුරා පැවැත්වූ ජාතික වැඩසටහනක් සංවිධානය කෙරුණි.

    එහි පළමු පියවර ලෙස ආබාදිත බව ඇතුලත් සංචාරක ව්‍යාපාරය ශ්‍රී ලංකාවට හඳුන්වාදීම පිළිබඳව වැඩසටහන පසුගියදා (01) බත්තරමුල්ල, සුහුරුපාය ගොඩනැගිල්ලේ, 7වන මහලේ ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.

     

    මේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආචාර්‍ය විජයදාස රාජපක්ෂ ඇමතිතුමාද, ප්‍රධාන කථිකයා(Keynote Speaker) ලෙස (UNDP) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියේජිත අසූසා කුබෝටා මහත්මියද සහභාගීවිය.

    රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා ආබාධ සහිත පුද්ගලයින්වද ක්‍රියාකාරීව එක් කර ගැනීම පිළිබඳව ක්‍රමවේද සකස්වියයුතු බවද
    එයට ඇති ප්‍රධාන බාධකය වන ඔවුන් සඳහා ප්‍රවේශ පහසුකම්(Accessibility) වැඩිදියුණු කිරීමත් ඒ තුළින් රටේ ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්කයක් වන සංචාරක ව්‍යාපාරය සඳහා දේශීය හා විදේශීය සංචරක අවස්ථා වැඩි දියුණු කිරීම තුළින් ආබාධිත බව ඇතුලත් සංචාරක ව්‍යාපාරය හඳුන්වාදීමේ හා අනාගත ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය සඳහා නව වාණිජ අරමුණක් හඳුන්වාදීම යන සංකල්පය පිළිබඳවද මෙහිදී සාකච්ඡාවට ලක්විය.

    ඒ තුළින් ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් සඳහා ඇති ප්‍රධාන බාධකයන් වන ප්‍රවාහන පහසුකම්, සංචාරය කළ හැකි නගර, ප්‍රවේශ පහසුකම් සහිත ගොඩනැගිලි, ආගමික, සංස්තික, විනෝදාස්වාදය ලැබිය හැකි ගමන්නාන්ත මෙන්ම අනෙකුත් ප්‍රවේශ පහසුකම් පිළිබඳ නව වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මූලික අඩිතාලම වැටෙනු ඇතැයිද අවධාරණය කෙරිණි.

    ආබාධ සහිත තැනැත්තන්ගේ අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය ක්‍රියාවට නංවීම ඉදිරි වසර තුළ ප්‍රධාන කටයුත්ත ලෙස ඉටුකරනු ලබන බව මෙහිදී සමාජ සවිබල ගැන්වීමේ රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළ අතර ආබාධිත පනත සම්මත කරගැනීම සඳහා හැකි ඉක්මනින් කටයුතු කරන බවද පැවසුවේය.

    ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි ආචාර්‍ය විජයදාස රාජපක්ෂ ඇමතිතුමා විසින් ආබාධිත ප්‍රජාවගේ අයිතිවාසිකම් හා නීතිමය රැකවරණය මෙන්ම දැනට පවත්නා නීතිමය ගැටලුකාරි තත්වයන් පිළිබඳව ද වැඩිදුරටත් පැහැදිලි කළේය.

    මෙම ජාතික වැඩසටහනේ දෙවන පියවර දෙසැම්බර් 03 දා හරියටම ලෝක ආබාධිත දිනය දා යෙදී තිබුණ අතර එදිනට සංකල්පයක් ලෙස හඳුන්වාදීමට උත්සාහ කළ ආබාධිත ප්‍රජාව ඇතුලත් සංචාරය එසේත් නැතිනම් ඔවුන්ගේද අයිතියක් වන තනිව ඇවිදයාහැකි පරිසරයක් නිර්මාණය කිරීම හා ඔවුන්ද අප මෙන්ම සංචාරයට කැමති බව ලෝකයට පෙන්වාදීමට වැඩසටහනක් ක්‍රියාවට නැංවිණි.

    මේ සඳහා විවිධ ආබාධ සහිත පිරිසකට ආරාධනා කර ඒ අය සමග සංචාරයක් සංවිධානය කරමින් පොදු ප්‍රවාහනයට අදාල දුම්රිය තෝරාගැනුණි. දුම්රිය දෙපාර්තුමෙින්තුව කලින් දැනුවත් කර ආබාධිත ප්‍රජාවට දුම්රියට ගොඩවීමේ පහසුකම් සලස්වමින් ප්‍රථමයෙන් දළදා මාළිගාව වැඳ පුදාගැනීමට සහභාගී විය. සියළුමදෙනා දළදා වැඳපුදාගෙන මගුල් මඩුවේ බණකට සහභාගිවී පේරාදෙණිය මල්වත්තට ගමන් ඇරඹීය. එහිදී නුවර දිස්ත්‍රික් ලේකම්තුමන්, සමාජ සේවා නිලධාරීන් මෙන්ම රාජ්‍ය නිලධාරීන් විසින් මනා පිළිගැනීමක් සූදානම් කර තිබුණු අතර ආහාරපාන ආදියද සෞඛ්‍ය පහසුකම්ද සලස්වා තිබිණි. දළදා මාළිගාවෙන් මොවුන්ට දහවල් ආහාර ලබාදුන් අතර පෞද්ගලික ආයතන මගින්ද ආහාර පාන ෙවරින් වර ලබාදුනි.

    පේරාදෙණිය මල්වත්තේදී නැටුම් ගැයුම් ඇතුලත් සම්පූර්ණ වැඩසටහනක් පැවති අතර මල් වත්ත නැරඹීම සඳහා විශේෂ බැටරි රථ නොමිලයේ යොදවා තිබුණි. ඉතාමත් සතුටු විනෝදජනක වැඩසටහනකින් පසුව සියළුම දෙනා කොළඹ බලා බස්රථ වලින් පැමිණියහ.

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya