ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්,ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතුයි - ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 04, 2023

    පාසල් ක්‍රීඩාව ශක්තිමත් කරමින්, ගම්වල දරුවන්ට ජාතික මට්ටමට පැමිණීමට තිබෙන අවස්ථාව පුළුල් කළ යුතු බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.

    ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා අද (04) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.

    පාසල් ක්‍රීඩාව ශක්තිමත් කිරීම ස ඳහා ක්‍රීඩා ගුරුවරු පාසල් සඳහා බඳවා ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. පාසල් ක්‍රීඩා ගුරුවරු සඳහා, ක්‍රීඩා ඩිප්ලෝමා පාඨමාලා සහ පුහුණුවීම් ලබා දෙමින් සියළුම ක්‍රීඩා සම්බන්ධව අව‌බෝධයක් ලබා දිය යුතු බවද කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ:

    ගම්වල ඉන්න දරුවන් දක්ෂයි. නමුත් එම දරුවන් හඳුනාගෙන ඔවුන් ඉදිරියට ගේන්න ඔින. එය සිදුවිය යුත්තේ පාසලෙන්. සුසන්තිකා වැනි ක්‍රීඩිකාවන්ගේ ඉතිහාසය දිහා බලද්දි, එම ක්‍රීඩාිකාවන් කොළඹට ගෙනත් ඔලිම්පික් දක්වා ගෙන යන්න හැකියාව ලැබුණා. මෑතකදී ආසියානු ක්‍රිඩා උළෙලදී ජයග්‍රහණය කළ තරුෂි දියණියත් ප්‍රශ්න රාසියක් මධ්‍යයේ ආසියානු පදක්කම ලැබුණා. මෙම දරුවන් ගම්වල දරුවන්.

    ක්‍රිකට් ගත්තහම අද නගර බද අයට තමයි වැඩි පුර දායකත්වය ලැබෙන්නේ. ක්‍රිකට් කණ්ඩායමට උතුරෙන් ක්‍රීඩකයෙක්ට එන්න අවස්ථාව නැත්තේ ඇයි. ඒ නිසා මෙතන කළමනාකරිත්වයේ දුර්වතාවයක් තිබෙනවා. අපි දරුවන්ට ජාතික මට්මට ඒන්න තිබෙන අවස්ථාව පුළුල් කළ යුතුයි. ග්‍රාමීය පාසල් වල දරුවෝ ඉන්නවා. එම දරුවෝ දක්ෂයෝ කරන්න වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. සෑම රජයක්ම ක්‍රීඩාවට තිබ්බ බර අඩුයි. ක්‍රීඩාව සඳහා ක්‍රියාත්මක කළ වැඩපිළවෙළ අඩුයි. පළාත් ගොඩක අද ක්‍ර්‍රීඩාගාරයක්වත් නැහැ.

    තරුණ සේවා සභාව සම්බන්ධයෙන් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, වර්තමාන තරුණ පරපුරේ අසහනය නැති කිරීම සඳහාද ඒ්කාබද්ධ වැඩපිළිවෙළක් සෑදිය යුතු බවයි.

    තරුණ අසහනයට විසඳුමක් තරුණ සේවා සභාව හරහා හදන්න පුළුවන්. විශ්ව විද්‍යාලයට යන්න බැරි වුණු තරුණයින් වෙනුවෙන් යම් වැඩපිළිවෙළක් සෑදිය යුතුයි. ඇතැම් තරුණයෝ විදේශ රැකියා සඳහා විවිධ තැන්වලට ගිහින් මුදල් නාස්ති කර ගන්නවා. මෙය නැති කළ යුතුයි.මේ සඳහා ඒ්කාබද්ධ වැඩපිළිවෙලක් සෑදිය යුතුයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya