ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    රටේ ආර්ථික සංවර්ධනයට පුරා විද්‍යාව සහ පුරා විද්‍යාත්මක වස්තු යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳ රජයේ අවධානය - අමාත්‍ය විදුර වික්‍රමනායක

    දෙසැම්බර් 07, 2023

    රටේ ආර්ථික සංවර්ධනයට පුරා විද්‍යාව සහ පුරා විද්‍යාත්මක වස්තු යොදා ගන්නේ කෙසේද යන්න පිළිබඳව රජය අවධානය යොමු කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අද (07) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පුරාවිද්‍යා වටිනාකමක් ඇති දේවල්වලට එල්ල වී ඇති විවිධ බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතනාගේ යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍ය විදුර
    වික්‍රමනායක මහතා මේ බව පැවසීය

    තමා හිස නමන්නේ පුරාවිද්‍යා අඥා පනතට පමණක් බවද හෙතෙම පැවසීය. පුරා විද්‍යාත්මක ස්ථාන නිකං තිබුණත් ඉන් ප්‍රයෝජනයක් නොමැති බවත් ඒවා නැරඹීමට මහජනතාවට ඉඩ ලබා දිය යුතු යැයිද හෙතෙම පෙන්වා දුන්නේය. ඇතැමුන් උද්ඝෝෂන පැවැත් වූවද එම සංරක්ෂණ කටයුතු නවත්වන්නේ නැතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

    රජය සෑම විටම අවධානය යොමු කරන්නේ , ආර්ථික සංවර්ධනයට පුරා විද්‍යාව යොදා ගන්නේ කොහොමද කියා. එම පුරා විද්‍යා ස්ථාන නිකං තිබුණට පලක් නැහැ.එම ස්ථාන බලන්න ජනතාවට ඉඩ සළසන්න ඕන, ඒ සඳහා පහසුකම් සළසන්න ඕන, ඒ වගේම ප්‍රදර්ශනය කරන්න ඕන. ඒ වගේම සංරක්ෂණය කරන්නත් ඕන. කවුරුත් කෑ ගැහුවා කියලා උද්ඝෝෂණය කළා කියලා ඒවා නවත්වන්නේ නැහැ

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya