ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    යාපනය නෙඩුන්තීවූ දූපතේ ජනතාවට ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් තවත් බස්රථයක් - බස්රථ 500ක් දිවයින පුරා ඩිපෝ107කට

    දෙසැම්බර් 08, 2023

    යාපනය නෙඩුන්තීවූ දූපතේ ජනතාව සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් තවත් බස්රථයක් ලබා දීමට කටයුතු කරන බවප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (08) පාර්ලිමේන්තුවේ දි පැවසීය.

    මේ වන විට එම දූපතේ බස් රථ දෙකක් යොදවා ඇති අතර එම ගමන් වාර ප්‍රමාණය වැඩි කිරීමට කටයුතු කරන බවද ප්‍රවාහන අමාත්‍යවරයා පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීතරන් මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදරටත් අදහස් දැක් වූ ප්‍රවාහන අමාත්‍යවරයා පැවසුවේ, ඉන්දියානු ණය ‍යෝජනා ක්‍රමය යටතේ ලැබුණු බස් රථ වලින් බස් රථ 15ක් පමණ යාපනය ඩිපෝවට ලබා දී ඇති බවයි. මී ළග දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට පැමිණෙන විට මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද අමාත්‍යවරයා පැවසිය.

     

    ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලැබුණු එවැනි බස්රථ 500ක් දිවයින පුරා ඩිපෝ107ට බෙදා දී තිබේ. අලුත්වැඩියා කළ බස්රථ 400ක් අතුරින් බස් රථ 175ක් මේ වන විටත් ඩිපෝ වලට බෙදා දී තිබේ. ඉතිරි බස්රථ මෙම වසර අවසානයේ ඩිපෝ වලට ලබා දී කටයුතු කරන බවද කීය.

     

    මෙම දූපතේ පෙරවරු 6.30 ට සහ පස්වරු 10.30 ආදී වශයෙන් ලංගම බස්රථ ධාවනය කරනවා. ලංගම බස්රථ එකක් සහ පුද්ගලික බස් රථ එකක් ධාවනය වෙනවා. එම බස්රථ ප්‍රමාණවත් නොවන බැවින් දිරියේදී තවත් ගමන් වාර යෙදවීම සම්බන්ධයෙන් අවධානය යොමු කරනවා.මේ වන විට එම දූපතේ මාර්ග අලුත් වැඩියා කරන බවත් මාර්ගය අලුත් වැඩියා කළ සැණින් මේ සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවද කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, දකුණු පළාතේ දරුවන්ට ලබා දෙන සියළු පහසුකම් උතුරේ දරුවන්ට ලබාදිය යුතු බවයි. තමා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි සමයේ මහින්දෝදය විද්‍යාගාර පහසුකම් ඩෙල්ෆ් දූපතේ දරුවන්ටද ලබා දුන් බව හෙතෙම පැවසීය.


    පසුගිය යුධ සමය මෙම මාර්ග සියල්ල විනාශ වෙලා තිබුණේ. උතුරු වසන්තය යටතේ මම සංවර්ධනය සිදු කළා. ඉදිරියේදී ලෝක බැංකු අධාර යටතේ මාර්ග සංවර්ධනය වැඩි කරනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya