ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    ගුවන් යනා ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමේදී කිසිදු දේශපාලන මැදිහත් නෑ- වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය

    දෙසැම්බර් 08, 2023

    ගුවන් යනා ඉන්ධන සැපයීම සඳහා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීමේදී කිසිදු දේශපාලන මැදිහත් වීමක් සිදු නොවු බව වරාය,නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා අද (08)පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

    ශ්‍රී ලංකාවේ ගුවන් යානා ඉන්ධන ගබඩාවක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    මේ වන විට ගුවන් යනා ඉන්ධන සැපයීම ඉතා ක්‍රමවත්ව සිදුවන බවද අමාත්‍යවරයා පැවසීය. ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහා අයදුම්කරුවන් තිදෙනෙක් ඉදිරිපත් වූ බවද හෙතෙම පැවසීය. එසේ ඉදිරිපත් වූ ටෙන්ඩර් තුනෙන් කොන්දේසි වලට එකග වූ ආයතනයට එම ටෙන්ඩරය ලබා දුන් බවද කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, ''ගුවන්යානා ඉන්ධන මෙරටට ගෙන ඒමේ ක්‍රමවේදයක් තිබෙනවා. එම ගුවන් යාන ඉන්ධන ගොඩ බෑමට හැක්කේ අදාළ ප්‍රමිතිය පරීක්ෂා කළාට පසුව. කොයි සමාගමෙන් ගෙනාවත් එහි ප්‍රමිතිය අඩුවක් වෙන් නැහැ. මේ සඳහා අයදුම් කළේ සමාගම් 03ක් පමණයි.අදාළ තාක්ෂණ කමිටුව තමයි මෙම සමාගම ‍තෝර ගත්තේ.දැන් ඉතා හොඳට ගුවන් යානා තෙල් සැපයීම සිදු කරනවා.මෙරටට පැමිණෙන ආයෝජකයන් ආපසු හරවා යැවීමට නොහැකියි. අපි ගැරන්ටි එකක් අරන් තිබෙනවා. ඔවුන්ට කාල සීමාවක් ලබා දී තිබෙනවා. එම කාල සීමාව ඇතුළත එම ටැංකි හදල දෙන්න ඕන ''බවද අමාත්‍යවරයා කීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya