ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර - ප්‍රවාහන සහ මාහාමාර්ග අමාත්‍ය

    දෙසැම්බර් 08, 2023

    මාර්ග සංවර්ධන අධිකාරියේ සේවක ගැටලුව විසඳීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි ප්‍රවාහන සහ මාහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද(08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    මාර්ග සංවර්ධන අධිකාරියේ කළමනාකරණය කිරීම සඳහා සහස්යා නම් පුද්ගලික ආයතනයකට ලබා දීම සම්බන්ධයෙන් සහ එහි සේවක පිරිස් ස්ථිර නොකිරීම සහ ඔවුන්ට නිසි සේවා ව්‍යවස්ථාවක් ඇති නොකිරීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්අමාත්‍යවරයා මේ බව පැවසීය.

     

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    මාර්ග ඉදි කිරීම් කටයුතු සඳහා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය ලබා ගත් ණය විශාල ප්‍රමාණයක් තිබෙනවා.මෙය වසර 13ක් තිස්සේ පවතින ගැටලුවක්. මාර්ග සංවර්ධන අධිකාරියට අපි කිසිම සේවකයෙක් අලුතින් බඳවාගෙන නැහැ. මෙම ගැටලුව සඳහා පුද්ගලිකවම මම මැදිහත් වී, ඒ සඳහා පැහැදිළි ක්‍රමවේදයක් හඳුන්වා දී තිබෙනගිවා.මේ වන විට ඇතැම් සේවකයින් සඳහා වැටුප් වර්ධක ලබා දීම අත්හිටුවා තිබෙනාව. මොවුන්ගේ සේවා ව්‍යවස්ථාව ආශ්‍රිත ගැටලු විසඳීම කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යවා තිබෙනවා.

    අධිවේගී මාර්ග සහස්යා සමාගමට කැබිනට් අනුමැතියකින් පවරා දෙනු ලැබුවේ ශේෂ පත්‍රයට වත්කම් වැඩි කර ගැනීමේ අරමුණින් බවද ඔහු එහිදී කියා සිටියේය.මහා මාර්ග සහ අධිවේගී මාර්ග වලට ගත් ණය විශාල ප්‍රමාණයක් තිබෙනවා.

    ලංකා විදුලි බල මණ්ඩලයට සහ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට තිබෙන දැවැන්ත අර්බුදය විසඳා ගැනීම සඳහා තිබෙන ක්‍රමයක් තමයි මෙම ප්‍රතිසංස්කරණ සිදු කිරීම. එමගින් රාජ්‍ය ආයතනවල තිබෙන යම් යම් මූල්‍ය අවහිරතා අවම කර ගැනීමට හැකි වනු ඇතැයිද හෙතෙම පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya