ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වරාය සංවර්ධනයෙන් ජාතික ආර්ථිකයට සුවිසේශී දායකත්වයක්- අමාත්‍ය නිමල් සිරිරපාලද සිල්වා

    දෙසැම්බර් 08, 2023

    වරාය සංවර්ධනයෙන් ජාතික ආර්ථිකයට සුවිසේශී දායකත්වයක් ලබා දී තිබෙන බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිරපාලද සිල්වා මහතා අද (08) පාර්ලිමේන්තුවේදී පැවසීය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවත්, ප්‍රතිව්‍යුහගත කිරීම හැර මෙම ආයතනය ගොඩ ගැනීමේ ක්‍රමයක් නැතැයි හෙතෙම අවධාරණය කළේය. ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ යට ගසා තිබූ අක්‍රමිකතා සම්බන්ධයෙන් තමා කටයුතු කළ බවත් ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වමින් ඉදිරියේදී වන්දි අයකර ගැනීමට බලාපොරොත්තු වන බවදකීය.

    උතුරේ ජනතාව කාලානත්තරයක් තිස්සේ ගුවන් තොටුපළක් ඉල්ලා සිිටියා. ඒ අනුව පළාලි ගුවන් තොටුපළ සෑදුවා. රනර් වේ එක සැදීමට තවත් රුපියල් බිලියන 16ක් අවශ්‍යයි. ඒ සඳහා ඉන්දියානු සහයෝගය ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ලෝකයේ නවීණ ගුවන් තොටුපළ තිබෙන නවීණ උපකරණ සියල්ලම අපේ ගුවන් තොටුපළේ තිබෙනවා.අපේ ගුවන් තලය සුරක්ෂිත ගුවන් තලයක් බවට පත් කිරීමට අපි කටයුතු කර තිබෙනවා. ගුවන් පාලක වරුන් බිහි කිරීම සඳහා යම් කාලයක් අවශ්‍යයි.මේ සඳහා කොමිනිකේෂන් ස්කිල් තියන්න ඕන.638ක් සම්මුඛ පරීක්ෂණයට කැඳ වූවත් තෝරා ගැනීමට හැකි 50 දෙනයි. ඔවුන් තොරා ගැනීමේදී ප්‍රමිතිය අඩු කරන්න බැහැ.තීරු බදු සහණ සහිත කඩවල් වල(Duty free shop)සඳහා කිසිදු අසාධාරණයක්සිදු වී නැතැයිද කීය.

    ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් පථය සම්බන්ධයෙන් අදහස් දක්වමින්, දිනකට ලෑන්ඩින් ඇන්ඩ් ටේක් ඔෆ් 38ක් සිදුවෙනවා. මෙම රනර් වේ එකේ 80ක් ගුවන්වාර 80ක් කරන්න පුළුවන්. මෙහි කාර්යක්ෂමතාවය වැඩි කළ යුතුයි.

    මත්තල ගුවන් තොටුපළ පාඩුව 30%කින් අඩු කරගෙන තිබෙනවා. අවුරුදු 30කට පමණ මත්තල ගුවන්තොටුපළ ආයෝජකයකුට භාර දීම තමා බලාපොරොත්තුව. ඒ සඳහා අපි කටයුතු කරනවා.
    අපි මෙම ගුවන් තොටුපළට පස් සැරයක් පමණ ගුවන් යනා මිලදී ගැනීමට උත්සාහ කළා.නමුත් ඒ සඳහා අවස්ථාවක් ලැබුණේ නැහැ. අපි ගුවන් නියමුවන්ට ඵලදායිතාව වැඩි කිරීමට 15%ක දීමනාවක් ලබා දුන්නා. අපි ඉංජිනේරුවන්ටත් ඒ සඳහා අවස්ථාව ලබා දුන්නා.

    වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, රාජ්‍ය ආයතන පෞද්ගලික ව්‍යාපාර කටයුතු වලින් ඈත් වෙමින් එම ආයතන පෞද්ගලික අංශ වලට භාර දිය යුතු බවයි

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ගාලුවරයා, ත්‍රිකුණාමල වරාය, කන්කසන්තුරේ වරායයන් අද වන විට ලාබ ලබන තත්වයට පත්ව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. යේ කටයුතු සඳහා කිසුදු ණය මුදලක් ගෙන නොමැති බවත් ලැබුණු ආදායමින්ම එම පරියන්ත වල කටයුතු සිදු වන බවයි. කොළඹ වරායේ උතුරු ප්‍ර දේශය සංවර්ධනය කරනවා. ඒ ටර්මිනල් හතරම පෞද්ගලික අංශ වලට ලබා දිය යුතුයි.

    අන්තර්ජාතික තරගයක් සමග තමයි මෙම සංවර්ධනය කළ යුත්තේ. ඒ සඳහා කාර්යක්ෂමතාව වැඩි කළ යුතුයි.එවිට පමණයි මෙම ආයෝජන වලින් නිසි ප්‍රතිඵල ලබා ගත හැකි වන්නේ.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya