ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    වැවිලි සමාගම්වලට අයත් වගා නොකළ ඉඩම්වලින් ප්‍රයෝජනයක් ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි

    දෙසැම්බර් 09, 2023

    වැවිලි සමාගම්වලට අයත් වගා නොකළ ඉඩම් වලින් ප්‍රයෝජනයක් ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කළ යුතු බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පැවසීය.

    රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත වල වැය ශීර්ෂ පිළිබඳව අද (09) පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමිණි.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,වැවිලි ක්ෂේත්‍රයේ සිටින ගොවි ජනතාව වෙනුවෙන්ද සහනාධාරයක් ලබා දිය යුතු බවයි. ගොවියා ගොවි තැනෙන් ඈත් නොවී තබා ගැනීම සඳහා ඔවුන්ට සහනාධාර සැපයිය යුතු බවද හෙතෙම පැවසීය. වැවිලි සහ කෘෂිකර්ම ක්ෂේත්‍ර කියන්නේ රට ගොඩ ගන්න පුළුවන් අමාත්‍යංශ දෙකක්.

    වැවිලි සමාගම් වල තිබෙන වතු වලින් වැඩි හරියක් නිකන් තිබෙන්නේ. අපි ඒවගෙන් ප්‍රයෝජනයක් ගැනීමට වැඩපිළිවෙළක් සෑදිය යුතුයි. වැවිලි ක්ෂේත්‍රයේ වගා නොකරන එම ඉඩම් රජයට හෝ පවරා ගනිමින් වගා කිරීම සඳහා ලබා දිය යුතුයි.අපි මේ රටේ සෑම බිම් අගලක්ම ප්‍ර යෝජනයට ගත යුතුයි..

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya