ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය - පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

    දෙසැම්බර් 09, 2023

    දියර කිරි ප්‍රචලිත කිරීමේ වැඩපිළිවෙලට ප්‍රමුඛතාවය ලබා දෙමින් රජය කටයුතු කරන බව පශු සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී. බී.හේරත් මහා අද (09) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යංශයන්හි වැය ශීර්ෂ පිළිබඳ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

    වසරකට රුපියල් බිලියන 58ක මෙට්ට්‍රික් ටොන් 8270ක් පමණ පිටි කිරි මෙරටට ආනයනය කරන බවද හෙතෙම කීය. එය අපේ රටේ ගොවියන් වෙනුවෙන් යෙදවිය හැකි බවද හෙතෙම කිය.සුළු සහ මධ්‍ය පරිමාණ කිරි ගොවීන් ශක්තිමත් කරන්න රජය කටයුතු කරන බවත් පළාත් සභා සමග එක්ව මෙම කටයුතු සිදු කරන බවද කීය. දියුණු වර්ගයේ තණකොළ සෑදීම, ගව ගාල් සැදීමට අවශ්‍ය උපකරණ ලබා දීම වැනි කරුණු කෙරෙහි අවධානය යොමු වී තිබේ. නුදුරු අනාගතයේදී බිත්තර සහ මස් වලින් රට ස්වයංපෝෂිත කළ හැකි බවද හෙතෙම පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya