ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    VTA GLOBLE JOB FAIR -2023 රැකියා පොළ නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයෙහි දී දෙසැම්බර් 12 දා

    දෙසැම්බර් 10, 2023

    වෘත්තීය පාඨමාලා හදාරමින් වෘත්තීය සුදුසුකම් සපුරා සහතිකපත්ලාභී සිසුන් වෙනුවෙන් දේශිය හා විදේශීය රැකියා සඳහා යොමු කිරීමේ අරමුණින් 2023.12.12 වන දින පෙ.ව.9.00 සිට ප:ව:05.00 දක්වා ශ්‍රී ලංකා වෘත්තිය පුහුණු අධිකාරියෙහි නාරාහේන්පිට ජාතික වෘත්තීය පුහුණු ආයතන පරිශ්‍රයෙහි VTA GLOBLE JOB FAIR -2023 නමින් දේශීය හා විදේශීය රැකියා වෙළඳ පොළක් පැවැත්විමට කටයුතු සංවිධානය කර ඇත.

    දේශීය රැකියා ආයතන 30කට වැඩි ප්‍රමාණයක් හා විදේශ රැකියා නියොජිත ආයතන 25කට ආසන්න සංඛ්‍යාවක් මෙම රැකියා වෙළඳ පොළ සඳහා සහභාගි විමට නියමිත වන අතර විදේශ රැකියා නියෝජිත ආයතන වෙනුවෙන් විදෙස් රටවල විදේශ නියෝජිතයන් ද පැමිණ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු සැලසුම් කර ඇත.

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි ඒයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) ප්‍රසන්න රණසිංහ මහතා හා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ඒ.ඒ.ඒම්.හිල්මි මහතාගේ ප්‍රධානත්වයෙන් බස්නාහිර පළාත ඉලක්ක කරගනිමින් මෙම රැකියා වෙළඳ පොළ පැවැත්වෙන අතර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ වෘත්තීය පුහුණුව ලබා රැකියා අපේක්ෂාවෙන් සිටින සියලුම සිසුන්ට හා රැකියා අපේක්ෂිත සියලුම දෙනාට විවෘතව සහභාගි විය හැකි සුවිශේෂි අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැක.

    ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය වසර 28ක් මුළුල්ලේ ශ්‍රී ලංකාවේ වෘත්තීය පුහුණුව සපයන ප්‍රමුඛතම හා විශාලතම රාජ්‍ය ආයතනය යි. ශ්‍රී ලංකාව පුරා දිස්ත්‍රික්ක 25ම ආවරණය කරමින් මධ්‍යස්ථාන 204 ක විෂය ක්ෂේත්‍ර 18 ක් ඔස්සේ පාඨමාලා 104 ක් පමණ ක්‍රියාත්මක වේ.

    වසරකට ආධුනිකයන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක් වෘත්තීය පුහුණුව ලබන අතර ඔවුන් විෂය ක්ෂේත්‍රයෙහි වෘත්තීය පුහුණු නිපුණතාවය සමඟින් ජාතික වෘත්තීය සුදුසුකම් සහතිකය (NVQ) ලබමින් වෘත්තීය ලෝකයට පිවිසෙයි.

    මෙම වසර තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා ඒළැඹුන අවබෝධතා ගිවිසුමට අනුව විදේශ රැකියා ඉලක්ක කරගමින් කෙටිකාලීන පාඨමාලා ද ආරම්භ කරන ලදි. ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙහි ඒක් කාර්යභාරයක් වනුයේ මෙම වෘත්තීය පුහුණුව ලබා වෘත්තීය සුදුසුකම් සහතිකපත්ලාභී සිසුන් රැකියාවන් සඳහා යොමුකරවීමයි.

    හෙට දවස ජයගන්නට අත්වැලක් සැපයිම සඳහා වෘත්තීය පුහුණුවෙන් සන්නද්ධ රැකියා අපේක්ෂකයන් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා දිමේ අරමුණෙන් පවත්වන මෙම රැකියා වෙළඳපොළ සදහා වෘත්තීය පාඨමාලා හදාරමින් වෘත්තීය සුදුසුකම් සපුරා සහතිකපත්ලාභී සිසුන් හට ආරාධනා කර සිටී.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya