ජනවාරි 11, 2025
tami eng youtube  twitter facebook

    මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර පත්වෙයි

    දෙසැම්බර් 11, 2023

    මානව හිමිකම් පිළිබඳ පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපාබණ්ඩාර මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජයන්ත සමරවීර සහ උදයන කිරිඳිගොඩ මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් 2023.12.07 එම සංසදය පළමුවරට රැස්වූ අවස්ථාවේදී තෝරා පත්කර ගන්නා ලදී.

    නියෝජ්‍ය සම සභාපතිවරුන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදයන කිරිඳිගොඩ, ලලිත් එල්ලාවල සහ කේ. පී. එස්. කුමාරසිරි යන මහත්වරුන්ගේ යෝජනා ස්ථිරත්වයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ සහ (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ යන මහත්වරුන් තෝරා පත්කර ගන්නා ලදී.

     

    කමිටුවේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව අදහස් දක්වමින් කමිටු සභාපතිවරයා, මානව හිමිකම් පිළිබඳව මූලිකව කාරක සභාවට අවබෝධයක් ලබාගැනීමේ අවශ්‍යතාවය සිහිපත් කළේය. ඒ අනුව මානව
    හිමිකම් විෂය සම්බන්ධව ප්‍රමාණික දැනුමක් සහිත සම්පත් දායකයෙකු කාරක සභාව හමුවට කැඳවා අදාළ දැනුවත් භාවය ලබාගැනීමට තීරණය කෙරිණි. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ( මහාචාර්ය ) චරිත හේරත්, මොහමඩ් මුසම්මිල් , නිමල් පියතිස්ස, (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ, වීරසුමන වීරසිංහ, කේ. පී. එස්. කුමාරසිරි , ජයන්ත සමරවීර, ලලිත් එල්ලාවල, උදයන කිරිඳිගොඩ යන මහත්වරුන් සහභාගී වූහ.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya