ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

    දෙසැම්බර් 12, 2023

    එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වැනි ආසියා හා පැසිෆික් කලාපීය සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.

    ඒ අනුව මෙම සමුළුව ආසියා පැසිපික් කලාපයේ රටවල් 40ක නියෝජිතයන් 270කගේ සහභාගිත්වයෙන් 2024 පෙබරවාරි මස 19 දින සිට 22 දින දක්වා කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ප්‍රධාන උත්සවහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

    කෘෂිකර්ම අමාත්‍යාංශයේ පසුගියදා පැවැති සාකචඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා ‍මේ බව සඳහන් කළේය‍.


    ශ්‍රී ලංකාව පසුගිය වසර තුන තුළ මුහුණ දුන් දැවැන්ත අභියෝග වන පාස්කු ප්‍රහාරය, කොවිඩ් 19 වසංගත තත්ත්වය හා දරුණු ආර්ථික අර්බුදයෙන් පසු වැඩිම රාජ්‍ය නියෝජිතයින් පිරිසක් එකවර සහභාගි වන නිල සමුළුව ද මෙම ආසියා පැසිෆික් සමුළුව වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.


    දින හතරක් පුරා පැවැත්වෙන මෙම සමුළුවේ දී නව කෘෂි තාක්ෂණික හුවමාරුව, කෘෂි සංචාරක වැඩපිළිවෙලක් සැකසීම, අත්දැකීම් හා තාක්ෂණික හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා කලාපීය වශයෙන් පැන නැගී ඇති ගැටලු සාමුහිකව විසඳා ගැනීම යන කරුණුවලට අදාලව සාකච්ඡා හා සම්මන්ත්‍රණ රැසක් ද පැවැත්වේ.


    මෙම සමුළුවේ සියලු කටයුතු කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍යාංශය හා එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය සිදු කෙරේ.


    එසේම මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාවට අවස්ථාව හිමි වන දෙවන වාරය මෙය වන බව ද මෙම අවස්ථාවට සහභාගි වෙමින් ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (UNFAO) ශ්‍රී ලංකා නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් මහතා පැවසිය.


    දුෂ්කරම අවස්ථාවක ශ්‍රී ලංකාවට සහයෝගය පළ කිරීමට තමන්ට හා තම සංවිධානයට හැකි වීම සතුටක් බවත් ඒ මහතා සඳහන් කළේය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya