ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    ජාත්‍යන්තරයේ අවිනිශ්චිතභායක් ඇති කිරීමට විපක්ෂය මෙසේ හැසිරෙනවා - රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    දෙසැම්බර් 12, 2023

    විපක්ෂය පාර්ලිමේන්තුව තුළ වැට් සංශෝධන පනතට විරෝධය පාමින් හැසිරෙන්නේ ජාත්‍යන්තරය තුළ අවිනිශ්චිතභාවයක් ඇති කිරීමේ අරමුණින් බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර් මිලියන 330ක දෙවැනි ණය වාරිකය වන විස්තීරණ ණය පහසුකම ලබා දීමට අද (12) දිනයේ සිදු කරන බවද හෙතෙම පැවසීය.

    රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවැසුවේ එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත විවාදයට ගෙන සම්මත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේ,

    “එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වූ විවාදය කඩාකප්පල් කරමින් විපක්ෂය උත්සාහ කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වන ණය දීම කඩාකප්පල් කිරීමයි.

    මේ සංශෝධන තුන ගැන විවාදය හා ඡන්ද විමසීම පවතිනවා. ඊයේ දින මේ පාර්ලිමේන්තුව ගැන රට තුළ විශාල ගැටලුවක් ඇති වුණා. ඒකට හේතුව වන්නේ රටේ ජනතාවගෙන් ලක්ෂ 100ක් විතර මුදලක් වියදම් කර පාර්ලිමේන්තුව පවත්වා රැස් වූ කාරණාව ඉදිරිපත් නොකිරීම. නොවැම්බර් මස 20 වැනිදා පැවැත්වූ පාර්ලිමේන්තු බිස්නස් කමිටුවේ වාර්තාව ගත්තා. ඒ සඳහා සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධ වෙලා තිබෙනවා. විපක්ෂයෙන් ලක්ෂ්මන් කිරිඇල්ල, ගයන්ත කරුණාතිලක, අනුර දිසානායක, මහාචාර්ය ජී. එල්. පීරිස්, හකීම්, ජී. ජී. පොන්නම්බලම් මන්ත්‍රීවරුන් සම්බන්ධ වුණා. විවාදයක් අවශ්‍ය නිසා සම්පූර්ණ දිනයක් වෙන් කරන්න කියලා විපක්ෂය එහිදී ඉල්ලා සිටිනවා. එරාන් වික්‍රමරත්න මහතා රජය ගත් පියවර එනම් පාර්ලිමේන්තුවට ගෙනත් අනුමත කිරීමට ගත් පියවර ගැන ප්‍රශංසාව පළ කළා. මේ විවාදයට ඉරිදා වෙන් කළ යුතු බවට විරුද්ධ පක්ෂයේ ඉල්ලීම මත ආණ්ඩු පක්ෂය එකඟතාව පළ කළා. නමුත් විපක්ෂය ඒ විවාදය කඩාකප්පල් කිරීමට කටයුතු කළා. ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමේදී රටේ ඇති වන ප්‍රකෘතිමත් වීමට, ආර්ථිකයේ ඇති වන යහපත්භාවයට විරුද්ධ වීම තමයි විපක්ෂය කරන්නේ.”

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya