ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    වැඩ වර්ජනය අසාධාරණයි- රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර

    දෙසැම්බර් 12, 2023

    තැපැල් දෙපාර්තමේන්තුව වාර්ෂිකව ලබන පාඩුව අඩු කර ගනිමින් සිටින මොහොතක සේවකයන් සිදු කරන වැඩ වර්ජනය අසාධාරණ බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා (12) පැවසීය.

    දිගින් දිගටම මෙවැනි වැඩ වර්ජන ඇති වෙනවා නම් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට සිදු වන බවද කීය.

    තැපැල් සේවයකයන් සිදු කළ වෘත්තීමය ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය. වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ පසුගිය වසර වල තැපැල් දෙපාර්තමේන්තුවේ වාර්ෂික පාඩුව රුපියල් මිලියන 7000ක් බවයි. මෙම වසරේ එය රුපියල් මිලියන 2000 දක්වා අඩු කර ගැනීමට හැකි වූ බව හෙතෙම පැවසීය.

    තැපැල් සේවකයන්ගේ පඩිය රුපියල් විසි දහසකින් වැඩි කිරීමට සිදු කරන ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වාදුන්නේ,

    රටේ පවතින ආර්ථික තත්වයත් එක්ක රාජ්‍ය සේවකයන්ට රුපියල් 20,000ක් වැඩි කරන්න පුළුවන්ද යන්න ගැටලුවක් බවයි. නුවරඑළිය තැපැල් කාර්යාලය පරිශ්‍රය ආයෝජකයන්ට ලබාදෙන්නේද රටේ ඇතිවී ඇති ආර්ථික ආර්බුදය හේතුවෙන් රජය විසින්ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණයක් අනුව බව පෙන්වා දෙන රාජ්‍ය ඇමැතිවරයා එවැනි ප්‍රතිපත්තිමය තීරණ සඳහා මැදිහත් විය නොහැකි බවද කීය.

    වැඩිදුරටත් අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

    තැපැල් දෙපාර්තමේන්තුවේ වෘත්තීය සමිති සමග අප දිගින් දිගටම සාකච්ඡා කළා.මේවා ප්‍රතිපත්තිමය තීන්දු. මෙම කාරණා දෙකම ප්‍රතිපත්තිමය තීන්දු නිසා ඒ සම්බන්ධයෙන් රජයක් හැටියට තමයි කටයුතු කරන්න ඕන. අපි එකට එක් වෙලා ආර්ථිකය ශක්තිමත් කරන තැනට එන්න ඕන. නුවර එළිය තැපැල් කාර්යාලය අපිට නැති වෙන් නැහැ. එම පරිශ්‍රය වෙනත් ආයෝජන සඳහා යොදා ගැනීමයි සිදු වන්නේ. වර්ෂයකට මිලියන 7000ක පාඩුවක් ලබද්දි එය මිලියන 2000 දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya