ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    අස්වැසුම නව අයදුම්පත් කැඳවීමට පෙර අඩුපාඩු නිවැරදි කිරීමට පියවර- රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

    දෙසැම්බර් 12, 2023

    අස්වැසුම ප්‍රතිලාභ ලබා දීම සඳහා 2024 නව අයදුම්පත් කැඳවීමට පෙර එම ප්‍රතිලාභීන්ගේ අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරන බව සමෘද්ධි, ගෘහ ආර්ථීක, ක‍ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌන උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා , අද (12) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

    අස්වැසුම් ප්‍රතිලාභ ලබා දීම සඳහා ඉලක්ක ගත අඩු ආදායම්ලාභීන් ප්‍රමාණය මිලියන 02ක් වුවද තවමත් එම ඉලක්කය වෙත ළගා වීමට නොහැකි වී ඇතැයිද පැවසීය

    2024 නව අයදුම්පත් කැඳවීමට පෙර පවතින අඩුපාඩු නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර තිබෙනවා. තවමත් ඉලක්ක ගත මිලියන 2 ක ජනතාව වෙත ගමන් කිරීමට හැකි වී නැහැ.1 430,000 කට ආසන්න ප්‍රතිලාභීන් පිරිසකට තමයි තවමත් සහනාධාර ලබා දෙන්නේ. ප්‍රාදේශීය ලේකම්වරු සහ අපට සෘජුව ලබා දුන් තොරතුරු අනුව තමයි මෙම පිරිස තෝරාගෙන තිබෙන්නේ. එම තොරතුරු මේ වන විට විශ්ලේෂණය කරමින් සිටිනවා. ඒ අනුව ඉදිරියේදි ප්‍රතිලාභීන් ලක්ෂ 20 දක්වා මුදල් ලබා දෙන්න පුළුවන් මෙහි විශේෂත්වය තමයි, භාහිර පාර්ශවයක මැදිහත් වීමක් නොමැතිව සෘජුව ප්‍රතිලාභියාට මුදල් ලබා දීම සිදු වෙනවා.

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya