ජනවාරි 10, 2025
tami eng youtube  twitter facebook

    රාජ්‍ය මූල්‍ය සහ ගෙවූම් ශේෂ කළමනාකරණය නිසි පරිදි සිදු නොකළ නිසා මෙවැනි ආර්ථික අර්බුදයකට මුහුණ දුන්නා

    දෙසැම්බර් 13, 2023

    රාජ්‍ය මූල්‍ය සහ ගෙවූම් ශේෂ කළමනාකරණය නිසි පරිදි සිදු නොකළ නිසා මෙවැනි ආර්ථික අර්බුදයකට රට මුහුණ දුන් බවත්, කුමන ආණ්ඩුව බලයට පත් වුවද රජය ගෙන යන මෙම ආර්ථික වැඩ පිළිවෙළ ඉදිරියට ගෙන යා යුතු බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (13) පාර්ලිමේන්තුවේදී පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ, පාර්ලිමේන්තුවේ පැවති මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමිණි.

    ආණ්ඩුව දැනට ක්‍රියාත්මක කර ඇති ආර්ථික වැඩපිළිවෙළ ඉදිරිටයත් ක්‍රියාවට නැංවීම සඳහා කවුරු කැමති වුණත් අකමැති වුණත් හැමෝම එක්ව ඉදිරියට ගෙන යා යුතු යැයිද හෙතෙම සඳහන් කළේය. දැනට ගෙනයන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමට අකමැති වුවහොත් කුමන ආණ්ඩුවක් බලයට පැමිණියත් සති දෙකකට වඩා රට කරගෙන යාමට නොහැකි වන බවත් ඇමැතිවරයා පැවසුවේය.

    වැඩි දුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ,

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 108 වගන්තියට අනුව රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ගිණුම නිසි ලෙස සැලසුම් කර ගැනීමට තමයි අපට ආණ්ඩුව බාරදීලා තිබෙන්නේ. රාජ්‍ය ගිණුම ගැන කතා නොකර අපි අනෙක් හැම එකක්ම කතා කරනවා. සමස්ත සමාජයටම ආර්ථික අපහසුතා තිබෙනවා. මේ අර්බුදයත් සමඟ ජීවත් වීම අපහසුයි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයයි, ගෙවුම් ශේෂ කළමනාකරණයයි නිසි ලෙස නොකළ නිසා තමයි ජනතාවට ආර්ථික අපහසුතාවලට මුහුණ දෙන්න වෙලා තිබෙන්නේ. රාජ්‍ය අයවැයේ ජංගම ගිණුමේ හිඟයයි, ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟයයි. ආර්ථික අර්බුදයට හේතු වෙනවා. මහා පරිමාණයෙන් මේ හිඟයන් පවත්වාගෙන යන ගමන් වැටුප් වැඩි කරන්න කරනකොට ඒක වැඩි කළා. දේශීය හා විදේශීය වශයෙන් ණය ලබා ගැනීම, මුදල් අච්චු ගැසීම සිදු කරලා පහුගිය කාලයේ රට කරගෙන ගියා. පාර්ලිමේන්තුවේ අත්සන් කර තිබෙන නීතියට අනුව දැන් මුදල් අච්චු ගහන්න බැහැ. ණය ගන්න විදියක් නැහැ ගත්ත ණය ගෙවලා නැති නිසා.

    2003 දී අංක 03 දරන මූල්‍ය කළමනාකරණ වගකීම් පනත මම ගෙනාවා. 2006 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 5 ක් වෙන්න ඕන. කාගේ ආණ්ඩුවක් ආවත් එය පවත්වාගෙන යා යුතුයි.

     

     

     

     

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya