ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    නිරන්තර ඩෙංගු මර්දන කටයුතු නිසා කොළඹ රෝගීන් වාර්තා වීම අඩුවෙලා - කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි

    දෙසැම්බර් 21, 2023

    නිරන්තරයෙන් සිදුකරන ඩෙංගු මර්දන කටයුතු හේතුවෙන් කොළඹ නගරයේ ඩෙංගු රෝගීන් වාර්තා වීම සෑහෙන දුරකට අඩුකරගැනීමට හැකිවී ඇතැයි කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා පවසයි.

    කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා මේ බව පැවසුවේ ඊයේ (21) වර්තමාන ඩෙංගු තත්ත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

    පසුගිය මාස එකහමාර තුළ සිදුකළ තීව්‍ර ඩෙංගු මර්දන වැඩසටහන් හේතුවෙන් ගිය වර්ෂයට සාපේක්ෂව යම් අඩු මට්ටමක පවතින ලෙස ඩෙංගු රෝගීන්ගේ වාර්තාවීම පාලනය කරගත හැකිවූ බව වෛද්‍ය නිලධාරී රුවන් විජයමුණි මහතා වැඩිදුරටත් පැවසුවේය.

    මේ වන විට කොළඹ නගරයෙන් ඩෙංගු යැයි සැක සිතෙන රෝගීන් 3817ක් වාර්තාවී ඇතැයිද, මින් පෙර වැඩි වශයෙන් රෝගීන් වාර්තා වුණු උතුරු කොළඹින් මේ වන විට අනෙක් ප්‍රදේශ වලට සාපේක්ෂව 50%කටත් වඩා අඩුවෙන් රෝගීන් වාර්තා වන බවද අවධාරණය කළේය.

    වැඩිම ජන ගණත්වයක් ඇති උතුරු කොළඹින් මැද කොළඹට සාපේක්ෂව 50%කටත් වඩා අඩු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන බවද සඳහන් කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya