ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සියවස් සමරු මුද්දරය එළි දැක්වේ

    දෙසැම්බර් 22, 2023

    කම්කරු දෙපාර්තමේන්තුවට වසර සියයක් සම්පූර්ණවීම නිමිත්තෙන් සියවස් සමරු මුද්දරය  එළිදැක්වීම ඊයේ(21) සවස රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී සිදුවුණි.

    කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් පළමු මුද්දරය සහ මුල් දින කවරය, 1994 වසරේ සිට 2000 වසර දක්වා වසර හයක් කම්කරු ඇමතිවරයා වශයෙන් කටයුතු කරමින්, කම්කරු ප්රජාවට කළ සේවය අගය කරමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පිළිගන්වනු ලැබිණි.

    මෙහිදී අදහස් දැක් වූ කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසුවේ මෙරට කම්කරු ක්ෂේත්රයේ ප්රගමනය වෙනුවෙන් කටයුුතු කළ සියලුදෙනා වෙනුවෙන් මෙම මුද්දරය සහ මුල් දින කවරය නිකුත් කරන බවයි.

    මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විශේෂිත ආරාධිතයෙකු වශයෙන් එක්ව සිටි අතර හිටපු කම්කරු අමාත්යවරයෙකු වශයෙන් තම දේශපාලන අනාගතය පරදුවට තබමින් ඔහු කටයුතු කළ බවද අමාත්යවරයා එහිදී සිහිපත් කළේය.

    මෙම අවස්ථාවට හිටපු කම්කරු අමාත්යවරුන් වන ගාමිනී ලොකුගේ, ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න යන මහත්වරුන්ද පාර්ලිමේන්ත්රී සහ කම්කරු උපදේශක සභාවේ නියෝජිත, ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක වඩිවේල් සුරේෂ් මහතා ඇතුළුව හිටපු ලේකම්වරුන්, හිටපු කම්කරු කොමසාරිස් ජනරාල්වරු රැසක්ද වෘත්තීය සමිති නායකයින්ද එක්ව සිටියහ

    එමෙන්ම මෙම මුද්දරය සඳහා පැවති මුද්දර නිර්මාණ තරඟයෙන් ජයගත් හොරණ තක්ෂිලා මධ්ය විද්යාලයේ පී.ජී.ඩී. අදීෂා සෙව්නුලි දියණියද දෙවන ස්ථානය ජයගත එම විද්යාලයේම සෙනුලි බිහන්ගා විජේසේක දියණියද මෙම අවස්ථාව එක් විය.

    මෙහිදී ජයග්රාහී නිර්මාණය මුද්දරය ලෙසත් දෙවනස්ථානය ලබාගත් නිර්මාණය මුල්දින කවරය ලෙසටත් යොදාගෙන තිබුණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya