ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    බංගලාදේශය ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් පරිත්‍යාග කරයි

    දෙසැම්බර් 22, 2023

    රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා විසින් ඇමරිකානු ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගයක් සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා වෙත නිල වශයෙන් භාර දීම ඊයේ දින (21) සෞඛ්‍ය අමාත්‍යංශයේ දී සිදුවිය.

    ශ්‍රී ලංකා රජය විසින් බංගලාදේශ රජය වෙත කරන ලද ඉල්ලීමකට අනුව දෙරටේ සෞඛ්‍ය අමාත්‍යවරුන් සිදු කරන ලද සාකච්ජාවක ප්‍රතිඵලයක් ලෙස මෙම අත්‍යවශ්‍ය ඖෂධ තොගය ශ්‍රී ලංකාවට ලැබිණි.

    මෙම අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 24 ක තොගය මෙරට මාස 3 ක ඖෂධ අවශ්‍යතාවය සදහා සරිලන අතර බංගලාදේශයේ රාජ්‍ය ඖෂධ යාන්ත්‍රණය වන Essential Drugs Company Limited සම්බන්ධීකරණයෙන් මෙම පරිත්‍යාගය සිදු විය.

    මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් (H.E) Tareq Md Ariful Islam මහතා කියා සිටියේ,

    ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් ඉදිරියටත් අවශ්‍ය සහයෝගය නොඅඩුව ලබා දෙන බවත්, ඉදිරියේ දී දෙරට අතර සෞඛ්‍ය නිපුණතා ක්ෂේත්‍රයේ අන්යෝන්‍ය හුවමාරු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත් ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කරමින් ශ්‍රී ලංකාවට බංගලාදේශ රජයේ සහයෝගය නිබදව ලබාදෙන බවය.

    අත්‍යවශය ඖෂධ වර්ග මෙරට ලබා දෙමින් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය සදහා ලබා දෙන දායතක්වය අගය කල සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් බංගලාදේශ රජයටත් එහි ජනතාවටත් විශේෂ ස්තුතියක් මෙහිදී පල කළේය.

    එමෙන්ම ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර ඈත අතීතයේ සිට ඉතා සමීප සබදතාවයක් මෙන්ම දැඩි මිත්‍රත්වයක් පවතින බවත්, කලාපීය රටක් ලෙස බංගලාදේශය හා එහි ජනතාව ඉහල මිත්‍රශීලීත්වයකින් කටයුතු කරන බවද, අමාත්‍යවරයා පැවසීය.

    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ  ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය සැපයුම් අංශයේ වැඩ බලන නියෝජ අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය සුදත් ධර්මරත්න, එහි වැඩ බලන අධ්‍යක්ෂ විශේෂඥ දේදුනු ඩයස්, සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාත්‍යන්තර සබදතා සහ ඖෂධ ප්‍රදානයන් පිලිබද සම්බන්ධීකාර වෛද්‍ය අන්වර් හම්දානී යන මහත්වරුන් ද, බංගලාදේශ මහකොමසාරිස් කාර්යාලය හා විදේශ කටයුතු අමාත්‍යංශය නියෝජනය කරමින් නියෝජිතයින් පිරිසක්ද, සහභාගී වුහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya