ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ලෝක ධීවර දිනයට සමගාමීව "ධීවර දින සිත්තම් 2023"

    දෙසැම්බර් 22, 2023

    ලෝක ධීවර දිනයට සමගාමීව ධීවර අමාත්‍යංශය විසින් ධීවර දින සිත්තම් 2023 නමින් මුළු දිවයිනේ පළාත් 09ම ආවරණය වන පරිදි දීප ව්‍යාප්ත චිත්‍ර තරඟයක් සංවිධානය කෙරුණු අතර අද (22) කොළඹ 10 මාළිගාවත්ත ධීවර අමාත්‍යංශයේදී චිත්‍ර තරඟයෙන් ජයග්‍රහණය කළ දරු දැරියන් වෙත ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග සහ සහතිකපත් ප්‍රධානය කිරීම සිදුකෙරිණි.

    මෙම තරඟය සඳහා චිත්‍ර දහසකට අධික ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණු අතර සෞන්දර්ය කලා විශ්වවිදයාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යවරුන් තිදෙනෛකුගෙන් යුතු විනිසුරු මඩුල්ලකින් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් තෝරා පත්කරගෙන ඇත.

    මෙහිදී විශේෂ කාණ්ඩ යටතේ චිත්‍ර 100ක්ද, කුසලතා කාණ්ඩ යටතේ චිත්‍ර 10ක්ද, විශිෂ්ඨ කාණ්ඩ යටතේ චිත්‍ර 10ක් සහ ප්‍රථම දෙවන සහ තෙවන ස්ථාන තෝරා පත්කරගත් අතර විශිෂ්ඨ කුසලතා ලැබූ දරු දැරියන් මෙම අවස්ථාවට කැඳවා ඔවුන් ඇගයීමට ලක්කෙරුණි.

    මෙහිදී අදහස් දැක්වූ ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා කියා සිටියේ මෙම සෑම දරුවෙකුම අති දක්ෂ දරුවන් බවත්, අමාත්‍යංශ නිලධාරීන් ඇතුළු සෑම දෙනෙකුගේම ඒකාබද්ධ ප්‍රවේශයෙන් කටයුතු කළ නිසා මෙම වැඩසටහන සාර්ථක කරගැනීමට හැකිවූ බවයි.

    මෙම අවස්ථාවට ධීවර අමාත්‍යංශයේ ලේකම් ඉන්දු රත්නායක මහත්මිය, ධීවර අමාත්‍යංශයේ අතිරේක ලේකම් අනූෂා ගෝකුල මහත්මිය ඇතුළු පිරිසක් සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya