ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    කුළුබඩු මිලදී ගැනීම සඳහා චීන ජාාතික වෙළෙඳ නියෝජිත පිරිසක් මෙරටට

    දෙසැම්බර් 22, 2023

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිලදී ගැනීම සම්බන්ධව  චීන ජාතික නියෝජිතයන් පිරිසක් ඊයේ (21) කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරීන පිරිසක් සමග සාකච්ඡාවක් පවත්වා ඇත.

    ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරෙන ගම්මිරිස්, එනසාල්, කරාබු නැටි, කහ, කුරුඳු වැනි කුළුබඩු මිල දී ගැනීම සම්බන්ධව එහිදී සාකච්ඡා කර ඇති අතර ඒ සඳහා  චීන කුළුබඩු ආනයනකරුවන්ගේ සංගමයට අයත් ආයතන 42ක  නියෝජිතයන් සහභාගී වී තිබේ.
    එම චීන සමාගම් දැනට වසර දෙකක කාලයක් පුරා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලය නිෂ්පාදනය කෙරෙන කුළුබඩු මිල දී ගන්නා සමාගම් වේ. මෙම කටයුතු සඳහා වසර දෙකක් සපිරීම නිමිත්තෙන් අපේ රටේ කුළුබඩු නිෂ්පාදන ක්‍රියාවලිය දැක බලා ගැනීම සඳහා එම පිරිස මෙරටට පැමිණ ඇත.
    ශ්‍රී ලංකාවේ කුළුබඩු  ලෝකයේ උසස්ම කුළුබඩු ලෙස නම් කළ හැකි බව මෙම සාකච්ඡාවට එක්වෙමින් එම නියෝජිතයන් පවසා තිබේ.
    විශේෂයෙන් අපේ රටේ කුළුබඩුවල නිෂ්පාදන තත්ත්වය තවදුරටත් ඉහළ දැමීමට පියවර ගත යුතු බවත්, අවශ්‍ය නම් ඒ සඳහා සියලු සහයෝගය ලබා දීමට තම සමාගම් සුදානම් බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත.
    එම නියෝජිත පිරිස  බත්තරමුල්ල කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට ගොස් එහි ප්‍රධාන අලෙවි සැල නිරීක්ෂණයටද එක්විය.
    මෙම සාකච්ඡාවට කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජනක ධර්මකීර්ති හා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන මණ්ඩලයේ සභාපතිනි කුමුදිනි ගුණසේන යන මහත්ම මහත්මීන් පිරිසක් සහභාගි විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya