ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    ශ්‍රී පාද වන්දනා වාරය හෙටින් ඇරඹේ

    දෙසැම්බර් 25, 2023

     ශ්‍රී පාද වන්දනා වාරය හෙටට(26)  යෙදෙන උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භවේ.

    ඒ අනුව ශ්‍රී පාදස්ථානාධිපති, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, පැල්මඩුල්ල රජමහා විහාරය හා රත්නපුර පොත්ගුල් රජමහා විහාරය යන උභය විහාරාධිපති, ත්‍රිපිටකාචාර්ය අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ අවවාද අනුශාසනා අනුව වෙනදා මෙන් මෙවරත් ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් - නල්ලතන්නි මාර්ගය, බළංගොඩ මාර්ගය සහ කුරුවිට - එරත්න මර්ගය යන මාර්ග හතර ඔස්සේම ඓතිහාසික පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රජ මහා විහාරයේ සිට සිරිපා මළුව වෙත, සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ අද (25) දින උදෑසන වැඩම කිරීමට කටයුතු කෙරිණි.

    මෙලෙස වැඩම කරන සධාතුක කරඩුව හා සමන් දේව ප්‍රතිමා වහන්සේ හෙටට (26) යෙදෙන උඳුවප්පුර පසළොස්වක පොහෝදින සිරිපා මළුවේ තැන්පත් කිරීමට නියමිතය. හෙට දින ආරම්භවන මෙවර ශ්‍රී පාද වන්දනා වාරය 2024 මැයි මස යෙදෙන වෙසක් පුර පසළොස්වක පොහෝ දිනෙන් නිමාවනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya