ජනවාරි 18, 2025
tami eng youtube  twitter facebook

    සුනාමියෙන් මියගිය අය සිහි කර සැමරුම් වැඩසටහන්

    දෙසැම්බර් 26, 2023

    සුනාමි ව්‍යසනය සිදු වී අදට වසර 19ක් සපිරෙන අතර මියගිය ජනතාව සිහිපත් කරමින් දිවයිනපුරා වැඩසටහන් රැසක් සංවිධානය කර තිබුණි.


    ජාතික සුරක්ෂිත දින ප්‍රධාන සැමරුම් උත්සවය දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන් විජේලාල් ද සිල්වා සහ සම්පත් අතුකොරළ ඇතුලු දේශපාලන නියෝජිතයින් සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල්, ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඇතුලු රාජ්‍ය නිළධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ මහජනතාවගේ සහභාගීත්වයෙන් අද (26) පෙරවරු 9.00 සිට ගාල්ල, තෙල්වත්ත, පැරෑලිය සුනාමි ස්‌මාරකය අබියස දී පැවැත්විය.
    සර්ව ආගමික වතාවත් පවත්වා සුනාමි ව්‍යසනයෙන් සහ අනෙකුත් ආපදා නිසා මිය ගිය ජනතාව පිං පැමිණ වීම සිදු කළ අතර අතර ආපදා වලින් මිය ගිය ජනතාව සිහිපත් කරමින් සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීය. එසේම පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ජනතාව සිහිපත් කෙරිණි.
    ගාල්ල තෙල්වත්ත ප්‍රදේශයෙදි සුනාමි රළ හේතුවෙන් අනතුරට පත් දුම්රිය මගීන් සිහිපත් කරමින් අද දිනත් එම වේලාවටම දුම්රිය කාර්ය මණ්ඩලය ඇතුලු පිරිස දුම්රියෙන් පැමිණි සුනාමි ස්මාරකයට පුෂ්පෝපහාර දක්වන්නට විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya